IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාධ්‍යවේදියාට හමුදාවෙන් උපහාරයක්

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුවාමෝදර ගඟ හරහා කඩොලාන දූව ගම්මානයට යාමට පාලමක් නොමැතිවීම පිළිබඳව මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා මාධ්‍ය මගින් කළ හෙළිදරව්වකින් පසු ශ්‍රී ලංකා යුද හමුදාව රුපියල් කෝටි හත හමාරකට වැඩි මුදලකින් එය ඉදි කළේය.

සරත් සිරිවර්ධන උත්සවයේ ප්‍රධාන අමුත්ත ලෙසද කැඳැවිණි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, යුද හමුදාවේ බටහිර ආඥාපති සුදන්ත රණසිංහ යන මහත්වරු සමග සිරිවර්ධන මහතාද ඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්විය.

එම සිහිවටන ඵලකයේ මාධ්‍යවේදී සරත් සිරිවර්ධන ගේ නමද විය. ගම්වාසීන් උත්සවය සංවිධානය කළ අතර එහිදී අදහස් දැක්වූ උපාලි ජයරත්න මහතා කීවේ පාලම සාදා ගැනීමට උපකාර කළ සියලු දෙනාට ස්තූති වන්ත වන බවයි.

වසර 17ක් තිස්සේ තමා පුවත්පත් වාර්තා දහස් ගණනක් ලියා ඇති බවත් 2002 වසරේ සිට මේ පාලම සම්බන්ධයෙන් ඡායාරූප සහිත වාර්තා 27 ක් පළ කළ බවත් ඒවා දැක යුද හමුදාව පාලම සෑදීමට කටයුතු කිරීම ගැන සතුටු වන බවත් සිරිවර්ධන මහතා කීවේය.

bridge_20151227 bridge_201512272 bridge_2015122723 bridge_2015122724 bridge_2015122725 bridge_2015122726

 



අදහස් (0)

මාධ්‍යවේදියාට හමුදාවෙන් උපහාරයක්

ඉසුරන්දි Sunday, 27 December 2015 11:15 AM

ඔන්න කරනවානම් වැඩ. මගේ ගෞරවාන්විත උපහාරය අපේ යුද හමුදාවට (බ)

:       0       0

ශාන් සෞදි Sunday, 27 December 2015 11:34 AM

මේක හැදුවේ නාමල් රාජපක්ෂ මුදල් ලබා දීලද නැත්නම් යුද හමුදාවේ අරමුදලකින්ද ? (බ)

:       0       0

රමිල Sunday, 27 December 2015 01:47 PM

ඔන්න ඉතින් හොද වැඩක් කරහම එ්කට ගොම බින්දුවක් දාන්න හදනවා (බ)

:       0       0

ක්‍රිෂාන් විතාන Sunday, 27 December 2015 02:37 PM

සරත් සිරිවර්ධන මහතාණෙනි ඔබට මගේ උපහාරය (බ)

:       0       0

රුවන් Sunday, 27 December 2015 04:19 PM

ශාන් නාමල් නෙවෙයි. ඔහේගේ කවුරු හරි (බ)

:       0       0

නිමල් Monday, 28 December 2015 02:58 AM

මොනතරම් උතුම් කාර්යයක්ද ඔබ මාධ්‍යවේදියෙක් ලෙස ඉටුකර ඇත්තේ? (නි)

:       0       0

ඇසළ Monday, 28 December 2015 10:42 AM

පුද්ගලික කොන්ත්‍රාත්කාරයෙක් කළාට වැඩිය කාලයක් පවතියි. වැඩේ හොඳයි. (නි)

:       0       0

ශාන සෞදි Monday, 28 December 2015 03:42 AM

රුවන්, අවුරුදු 10 රට පාලනය කරලත් මේක දැන් හමුදාවෙන් නම් හැදුවේ, ඒකේ සම්පුර්ණ ප්‍රණාමය යන්න ඕනෑ හමුදාවට නොවේද? (නි)

:       0       0

දුමින්ද Monday, 28 December 2015 04:10 AM

සංවර්ධනය පරිසරය විනාශවීමට හේතුවක් නොවේවා! (නි)

:       0       0

අභය Monday, 28 December 2015 04:18 AM

සරත් සිරිවර්ධන මහතා සැබවින්ම ඇගයිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site