IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදියාට ගැසුවාට රට පුරා උද්ඝෝෂණ

බදුල්ලේ හාලිඇළ දී ලංකාදීප ඇටම්පිටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහර දී මාරාන්තික තුවාල සිදුකිරීම හා ඔහුගේ උපකරණ කඩා දැමීමට විරෝධය පලකරමින් අද ගාල්ලේ මාධ්‍යවේදීහු ගාලු ප්‍රධාන බස්නැවතුම් පොළ ඉදිරිපිට පැයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වූහ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධයස්ථානය මෙය සංවිධානය කැර තිබිණි. මාධ්‍ය නිදහස සුරකින් ලෙසත් පහරදුන් මැරයන් අල්ලා නිසි දඬුවම් ලබාදෙන ලෙසත් උද්ඝෝෂණයේ නිරත මාධ්‍යවේදීහු ඉල්ලා සිටියහ. නීතිය වල් වැදී තිබෙන බව මෙවැනි ප්‍රහාර හොඳ උදාහරණයක් බවත් ඔවුහු කීහ.

ඌවේ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙපිරිසක් අතර හාලිඇළ දී ඇතිවූ ගැටුමක් ආවරණය කර යළි නිවෙස බලා යමින් සිටිය දී කුරුප්පුආරච්චි මහතාට පහර දී තිබිණි.

Galle Media Pic 1 Galle media Pic 2 Galle Media pic 3

ඡායා සජීව විජේවීර

IMG_0115

මාතලේ  දිස්ත්‍රික් මාධ්‍යවේදීන් මැර ප්‍රහාරය හෙළා දකිමින් මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධය දැක් වු අයුරු

(ඡායා රවීන්ද්‍ර විරාජ් අභයසිරි



අදහස් (0)

මාධ්‍යවේදියාට ගැසුවාට රට පුරා උද්ඝෝෂණ

චවික Thursday, 25 September 2014 05:35 PM

එන්න එන්නම සමාජය නහස්ති වෙනවා (දී)

:       0       0

රූපවතී Thursday, 25 September 2014 07:56 PM

මට නම් හරිම කලකිරීමක් දැනුනා. මේ තමයි ඇත්ත . ඒ සාධාරණීය මාද්‍යවේදියා වෙනුවෙන් හඩ නගන්න ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු පිරිසක්. ඒත් දේශපාලුවෙකුගේ රැස්වීමක් ඔතන තිබුනා නම් පාරවල් ටික සේරම වහල මිනිස්සු පෑගිලාත් මැරෙයි. ඇයි ඒ ? "කාලකන්නි අරක්කු වීදුරුවයි බත් පතයි "වෙනුවෙන් ජීවිතය හරි දෙන තරමට අපේ මනසින් උසයි කියා ගන්න මිනිහා පත්වෙලා. අපේ බත් කන සිංහලයට නිකමට හරි තිබුනා කෙලෙහි ගුණයක් වශයෙන් පැයක් ඔතනට සහබාගිවෙන්න. ඒ උනාට උදේ පාන්දර යනවා කඩ පිලට පත්තරේ බලන්න. පිරිහිලා තියන තරම ගොඩ ගන්න ආයේ නම් කල්ප විනාසේ දක්වා දීවත් බැහැ?මිනිසුනේ ඔබලා විහින් අඳුරේ අතගාමින් නරකාදියේ ගිලිලා මිය යනවා. අපේ මාද්‍ය වේදීන්ට සාධාරණය ඉෂ්ට වේවා...! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 212 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site