IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාධ්‍යයේ මිණි පහනක් නිවෙයි

(අංජුල මහික වීරරත්න)

කීර්තිමත් මාධ්‍යවේදියකු මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.

1965 දී මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ජයවර්ධන මහතා  ලේක්හවුස් ආයතනය, ලංකාදීප ඇතුළු ප්‍රමුඛ පුවත්පත් සමාගම් ගණනාවක සේවය කළේය. 

ඔහු ලංකාදීප පුවත්පත පිහිටුවීමට ද සහාය වූවන් අතර ප්‍රමුඛයෙකි.

1995 වසරේදී  ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට පත් වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා ලේක්හවුස් පුවත්පත් අන්තර්ජාලයට එක් කිරීමේ ව්‍යාපෘතිය අරැඹීය.

එම ආයතනය තාක්ෂණික ලෝකයට ගෙන යෑමේ ගෞරවය හිමි වන්නේ ද ලක්ෂ්මන් ජයවර්ධන මහතාටය. ඩී.ආර්.විජයවර්ධන මාධ්‍ය පුස්තකාලය පරිගණකගත කොට පුස්තකාලය සංවර්ධනය කිරීමටද ජයවර්ධන මහතා  ක්‍රියා කළේය.

මීට ‍අමතරව ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක වර්ධනයක් ඇති කිරීමටද ලක්ෂ්මන් ජයවර්ධන මහතාට හැකි විය. 

අනගාරික ධර්මපාලතුමා පිළිබඳ විශිෂ්ඨ කෘතියක් රචනා කර ඇති ලක්ෂ්මන් ජයවර්ධන මහතා පුවත්පත් වලට ලිපි දහස් ගණනක් ලියා ඇත.

පසුව ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතා කැනඩාව සහ ඉන්දියාව යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකවරයා ලෙස ද කටයුතු කළේය. 

ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු පෙබරවාරි 1 වැනිදා සවස 4ට මහරගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.



අදහස් (0)

මාධ්‍යයේ මිණි පහනක් නිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site