IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’මාධ්‍යයට කිසිවිටක වාරණ දාන්නේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බව ද අමාත්‍යවරයා කීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ  බව කීවේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගම‍යේ නියෝජිතයින් පිරිසක් සමග  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගම‍යේ අදහස් සහ යෝජනා  අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත්, ඉල්ලීම් කිහිපයක් පිළිබදව සාකච්ඡා කිරීමත් සඳහා එම සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව කැඳවා තිබුණි. 

මාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන අතර මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිදු අදහසක් නොමැති බවයි.



අදහස් (1)

’’මාධ්‍යයට කිසිවිටක වාරණ දාන්නේ නෑ’’

මැක්ස් Monday, 30 December 2024 03:43 PM

වාරණ දන්නේ නෑ, ඉඳ හිට සෝෂල් මීඩියාවල අපට විරුද්ධව ලියන උන්ව අල්ලලා රිමාන්ඩ් හිර ගෙදරට දක්කනවා. නේද ඇමති තුමා?

:       13       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site