IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මධ්‍යම සංස්කෘතික අරමුදලේ දූෂණ සොයන්න විශේෂ කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව නිර්දේශ කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන්  මතු කෙරුණු කරුණු පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා (7)  පස්වරුවේ  රැස් විය.

විශේෂ විගණන වාර්තාවෙන් මතු කෙරුණු කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද  අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳවද  මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට
එකඟත්වයක් ඇතිවිය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය කෝප්  රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණ. විශේෂයෙන් පාලක සභාවේ  209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳවද සාකච්ඡා කිරීමට එකඟත්වයක් ඇතිවිය.

අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කර ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බවත්  විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අත්සන් කළ හත් දෙනා මෙම රැස්වීමේ අත්සන් නාමලේඛනයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ  විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බව පැවසීය.

එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා  එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට  ඉහත නිර්දේශය කළේය.



අදහස් (5)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දූෂණ සොයන්න විශේෂ කමිටුවක්

PODDA Wednesday, 08 March 2023 04:41 PM

පුතාණෝට, වැඩේ දෙන්නද යන්නේ?

:       2       9

දාසWednesday, 08 March 2023 05:21 PM

පුතාණෝ වැරැදි ගොඩක් කරලා තියෙනවා කියලා විගණන වාර්ථාවේ දක්වලා තියෙනවා... හැබැයි ජජබ.. කාටහරි, මොකක්හරි සුලු චෝදනාවක් තිබුණා නම් අද උන්දැලා හිරේ...

:       1       4

Surain Wednesday, 08 March 2023 05:35 PM

කරගන්න දෙයක් නැති වුණාම මෙදාවත් ගහමු නේද න්‍යාය...?

:       2       1

nandana Wednesday, 08 March 2023 05:38 PM

හැමදාම දූෂණ, වංචා හොයන්න කමිටු දානවා පමණයි. මහබැංකු හොරකම ගැන වෝහාරික විමර්ෂණයට මොනතරම් වියදම් කළාද? කෝ සීනි බදු වංචාව ගැන ගත්තු තීරණ ජනතාව ගොනාට අන්දන එක තමයි මිනිස්සු බඩගින්නේ දුක් විඳිනවා හැමදාම...

:       1       5

siri Wednesday, 08 March 2023 05:58 PM

විගණකාධිපතිවරයා දූෂණ, වංචා සහ රජයේ දේපළ අවභාවිතා කිරීම සම්බන්ධ නොයෙක් ආයතන ගැන මෙතෙක් ලබාදී ඇති සියලු වාර්තා සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගන්න...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site