IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මධ්‍යම පළාත් මන්ත්‍රීගේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි

(චමිල් රුපසිංහ)

මහනුවර ජනාධිපති මන්දිරියේ ප්‍රවේශ මාර්ගයට බාධා ඇතිවන පරිදි ඉදිකෙරෙමින් පවතින පස් ‍මහල් ගොඩනැගිල්ලක වැඩකටයුතු වහා අත් හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය නියෝග කර ඇත.
මහනුවර නගර මධ්‍යයේ මහනුවර මහ නගර සභාවට යාබදව ඉදිකෙරෙමින් පවතින මෙම ගොඩනැගිල්ල මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් බව ද කියති. මෙම ගොඩනැගිල්ල සම්බන්ධව නගර සභාවේ හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම විමතියට කරුණක් බව නගර වැසියෝ පවසති.
අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මාලය ඉදි කිරීම සඳහා බාධාවන ලෙස පැවැති දැවැන්ත රොබරෝසියා වෘක්ෂයක් මියගොස් තිබෙන අතර එයට විසක් දමා මරා දමන්නට ඇති බවට සැක කරයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානය දෙපාර්තුමේන්තුව මගින් මෙම වෘක්ෂය මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එය ස්භාවික හේතුවක් නිසා සිදුවූ මරණයක් නොවන බවට වාර්තාවක් ලබාදී තිබෙන බවත් මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් සම්පූර්ණයෙන්ම අනුමත සැළැසුම්වලට පිටින් සිදුවන බවත් මහනුවර මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් දිලීපා රූපානි පියදාස මහත්මිය පැවැසුවාය.
අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් නාගරික සංවර්ධන අධිකාරියෙන් හා මහනුවර මහ නගර සභාවෙන් ලබා ගන්නා බවත් මහනුවර නගරයේ මෙවැනි අවිධිමත් ඉදි කිරීම් රැසක් පසුගිය කාලය තුළ සිදුව තිබෙන බවට තොරුතුරු ඇති බවත් ආණ්ඩුකාරවරිය පැවැසුවාය.

 



අදහස් (6)

මධ්‍යම පළාත් මන්ත්‍රීගේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි

gayya Thursday, 25 May 2017 05:44 AM

ඔන්න අපේ මන්ත්‍රීලගේ වැඩ. ඡන්දෙ ඉල්ලලා සල්ලි හම්බ කරලා තමන්ගේ බිස්නස් දියුණු කරනවා.. මහා ජනතාවෙනි, දැන්වත් මේ රැවටීමේ දේශපාලනය අවබෝද කරගන්න...

:       0       3

ravin Thursday, 25 May 2017 06:18 AM

අපොයි එයා මන්ත්‍රීනේ. කවුද නැවැත්තුවේ? ඡන්දදායකයිනේ ඔබලාට බාරයි.

:       0       1

Nandalal DE SILVA - France Thursday, 25 May 2017 07:28 AM

බාගෙට ඉදිකරගෙන තිබෙන ගොඩනැගිල්ලක වැඩ නවත්වන එක දෙපැත්තෙන් හිනා යන වැඩක් නොවේද? මේකට ඉදිකිරීමේ බලපත්‍රය දුන්නේ කවුද ? ගඩොලෙන් ගඩොල ගලවා වෙන ස්ථානයක මේක හදන්නද දැන් සූදානම ? අනේ මෙහෙම මහදැනමුත්තලා ඉන්න සකල සිරින් පිරි සිරි ලංකාවක් !!!!

:       0       19

ND Thursday, 25 May 2017 08:58 AM

මීට අවුරුදු 40 කට පෙර අපි ඉස්කෝලේ යනකොට මේ ගහ තිබ්බ මතකයි

:       0       0

wedage Thursday, 25 May 2017 10:24 AM

ගස් කොලන් මරාගෙන හන්දිය අවහිරකරගෙන කරන මේ විනාසය නවත්වන්න

:       0       0

vipula Thursday, 25 May 2017 11:00 AM

හදන්න අවසර දීල තට්ටු කිහිපයක් හදල නවත්වන්න කියන එකට විරුද්දව අධිකරණයට යායුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site