IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මධ්‍යම කිංග්ස් - දකුණ ශාර්ක්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි

තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’සුපර් සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) පළමු අදියරේ දෙවැනි සහ අවසන් දිනය වන අද (30) පළමු අදියරේ අවසන් මහා තරගයට මධ්‍යම කිංග්ස් පිල සහ දකුණ ශාර්ක්ස් පිල සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව තරගවලදී මධ්‍යම කිංග්ස් පිල විසින් ලකුණු 24-5 කින් නැගෙනහිර ඊගල්ස් පිල ද, දකුණ ශර්ක්ස් පිල විසින් ලකණු 19-14 කින් ඌව විපයිස් පිල ද, පරාජය කරන ලදී. මධ්‍යම කිංග්ස් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා අංක 1 ෆ්ලයි හාෆ් ක‍්‍රීඩක ෆාසිල් මරීජා ද, දකුණ ශර්කස් පිලේ නායකයා ලෙස ශ‍්‍රී ලංකා පිලේ හිටපු සෙන්ටර් ක‍්‍රීඩක අම්ජාඞ් බක්ස් ද කටයුතු කරති. තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස 5 සහ 6 දෙදින කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල අවසන් පූර්ව තරග මධ්‍යම කිංග්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී (24-5) දකුණ ශර්ක්ස් පිල විසින් ඌව විපයිස් පිල පරාජය කරන ලදී (19-14) කාණ්ඩ තරග ප‍්‍රතිඵල වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ට්‍රොප්හොන්ස් පිල පරාජය කරන ලදී (26-12) බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-7) යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ට්‍රොප්හොන්ස් පිල පරාජය කරන ලදී (31-7) සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (47-21) කාණ්ඩගත කිරීමේ තරග මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (21-19) නැගෙනහිර ඊගලස් පිල විසින් උතුර ග්ලැඞ්යේටර්ස් පිල පරාජය කරන ලදී (24-14) ඌව විපයිස් පිල විිසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (24-19) දකුණ ශාර්ක්ස් පිල විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (26-10)

ඡායාරූපය: ශාන්ත රත්නායක



අදහස් (0)

මධ්‍යම කිංග්ස් - දකුණ ශාර්ක්ස් අවසන් තරගයට සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site