IMG-LOGO

මධ්‍යම අධිවේගේ කුරුණෑගල-දඹුල්ල වැඩකට මුල පුරයි

(අංජුල මහික වීරරත්න)

මධ්‍යම අධිවේගී මාර්ග - අදියර IV (කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය) ඉදිකිරීම වෙනුවෙන් දැනට අත් හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර IV (කුරුණෑගල - දඹුල්ල) සඳහා අත්ක කර ගත්, වන්දි මුදල් කොටසක් ගෙවා ඇති ඉඩම් කැබලි සඳහා ඉතිරි වන්දි මුදල් ගෙවීමටත්, වන්දි මුදල් නොගෙවූ ඉඩම් කැබලි ඉඩම් අත්පත් කර ගැනීමේ පනත ප්‍රකාරව අවසතු කිරීමටත් 2023-03-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර IV ව්‍යාපෘතියේ ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රගතිය 73.2%කි. විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පළාත් වෙත ප්‍රවේශ වීමට ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මාර්ග පද්ධතියක අවශ්‍යතාව සපුරා ගැනීමටත්, සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ අපේක්ෂිත පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමටත් මධ්‍යම අධිවේගී මාර්ගය අදියර Iv සම්පුර්ණ කිරීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර IV ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කොටසට අදාළ ඉදිරි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දැනට අත්හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

මධ්‍යම අධිවේගේ කුරුණෑගල-දඹුල්ල වැඩකට මුල පුරයි

Harimanis Wednesday, 11 June 2025 03:42 PM

හයිවේ කන්නද ලොක්කා...!

:       4       7

prasanna Wednesday, 11 June 2025 07:03 PM

දවසේ පචය...!

:       0       0

vis8 Thursday, 12 June 2025 06:08 AM

ඇඹුල් තියල් ගේන්න, සහෝදරයා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 454 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site