IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මෝදි යුක්රේන ජනපති අමතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර දුරකතන කතාබහක් පැවැත්විණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එම දුරකතන කතාබහ පැය දෙකක් තිස්සේ පැවැත්වුණු බවය.

රුසියාව, යුක්රේනය සම්බන්ධයෙන් හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට සහාය දක්වමින්, එම සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කිරීම නිසාය. ‘නෝටෝ’ යනු රුසියාවට එරෙහිව බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.

රුසියන් ජනාධිපති ව්ලොදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. මේ වනවිට නැගෙනහිර සහ දකුණු දිග යුක්රේනයේ රුසියානු හමුදා විසින් අල්ලා ගනු ලැබූ පළාත් 4 ක් රුසියාවට ඈඳා ගැනීම ද සිදුවී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතර මෙසේ දුරකතන කතාබහක් පැවැත්වූයේ, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් පසු පළමු වතාවටය.

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භයේ පටන් ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඉන්දීය රජය සැමවිටම කියා සිටියේ අර්බුදය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතයුතු බවය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ පැවැති දුරකතන කතාබහේදී ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මේ බව යළි අවධාරණය කළේය.

නැගෙනහිර යුක්රේනයේ ගැටුම් පවතින පළාත්වල න්‍යෂ්ටික බලාගාර ඇති අතර, ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් යුක්රේනයේ පමණක් නොව රුසියාවේ ද අවධානය යොමු විය යුතු බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, යුක්රේන ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.

මේ වනවිට බටහිර රටවලින් ආධාර ලෙස ලැබී ඇති අවි ආයුධවලින් සන්නද්ධ යුක්රේන හමුදා, රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටි පළාත් සහ නගර යළි මුදා ගැනීමට සමත් වී සිටී. පසුගිය දා ඩොන්බාස් පළාතේ, ලයිමාන් නගරය ද යළි අත්පත් කර ගැනීමට යුක්රේන හමුදා සමත් විය.

(රොයිටර්)

 



අදහස් (0)

මෝදි යුක්රේන ජනපති අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site