
ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.
මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2014 දීය. එම වසරේදීත්, පසුව 2019 වසරේදීත් වරණාසි ආසනය නියෝජනය කළ මෝදි විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේය. වරණාසි යනු මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල බලකොටුවකි.
නාම යෝජනා භාරදීමට වරණාසි පැමිණි මෝදිට වරණාසි වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. වරණාසි අයත් වන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයටය. නාම යෝජනා භාරදීමෙන් පසු මෝදි ජයග්‍රහණය පතා කිලෝ මීටර් 6 ක් දුර පාද යාත්‍රාකට ද එක් විය. උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගි ආධිත්‍යනාත් ද ඊට එක් වී සිටියේය.

COMMENTS
අපේ රටේ නම්,නාම යෝජනා භාර දෙන්නේ මැතිවරණ වලට පෙර නේද ?ලෝකයේ විහ්ස්ලාම "ප්‍රජාතන්ත්‍රවාදී " රට කියන ඉන්දියාවේ එකේ අනික් පැත්තද ?නොදන්නා නිසයි අහන්නේ