IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මෝදි දිවුරුම් දෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේදීය. දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේය. දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වූයේ නවදිල්ලි වේලාවෙන් සවස 7.15 ටය.

මෝදි දිවුරුම් දීමෙන් පසු ඔහුගේ නව සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනාගේ දිවුරුම් දීම සිදුවිය. එම හැත්තෑ දෙදෙනාගෙන් 30 දෙනකු කැබිනට් ඇමැතිවරුන්ය.

ඉතා ගාම්භීර අයුරින් පැවැත් වුණු මෙම දිවුරුම් දීමේ උත්සවයට අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය නළු නිළියන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තෝ පිරිසක් සහභාගී වූහ.

දිවුරුම්දීමේ උළෙලට සහභාගී වූ ඉන්දීය නළු නිළියන් අතරේ රජිනි කාන්ත්, ෂාරුක් ඛාන්, අනිල් කපූර් දැකගත හැකි විය.

උත්සවයට සහභාගී වූ අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ද වූහ‍

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

මෝදි දිවුරුම් දෙයි

kotiya Monday, 10 June 2024 03:22 AM

දෙපාරක් ඉල්ලලාත් පෙරේතකම ගිහින් නෑ... දැන් හොඳටම නාකියි නේද?... තව හොරකම් කරන්නයි එන්න හදන්නේ.... ලංකාවේ අපි නම් මේ වගේ ඒවා බලලා තමයි ඡන්දේ දුන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 214 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site