IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මද උණු ජලය පානය කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න

අද  අප වෙසෙන පරිසරය ගැන විමසිලිමත් වන විට බීමට ගන්නා ජලය පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු බව අවිවාදාත්මකය. එයට එක් හේතුවක් ලෙස දැක්විය හැක්කේ මොනරාගල ප‍්‍රදේශයේ පැතිරී ගෙන යන සෙංගමාලය රෝගයට ප‍්‍රධාන හේතුව ලෙස සොයා ගෙන ඇත්තේ එම ප‍්‍රදේශයේ පානීය ජලයට අසූචී මිශ‍්‍රව තිබීමයි. මෙය සුළු කොට නොතැකිය යුතු කරුණක් වන්නේ  මේ නිසා බොහෝ අයට මරණය පවා ගෙන දිය හැකි භයානක සෙංගමාලය වසංගතයක් මෙන් පැතිරී යෑමට මේ තත්ත්වය හේතුවන නිසයි. සෞඛ්‍යාරක්‍ෂිත ලෙස ජීවත් වීමෙන් මෙම තත්ත්වය පහසුවෙන් වළකා ගත හැකියි. මළ අපහරණ ක‍්‍රියා නිසි පරිදි නොකීරීමට මෙම රෝග තත්ත්වය දෙවියන් දුන් දඬුවමක් ලෙස සළකා ජලය අපිරිසිදු නොවන සේ අපද්‍රව්‍ය මුදාහැරීමට සියලූ දෙනා වහවහා දැනුවත් කළ යුතුය.  එසේම අප පානය කරන වතුර පිරිසිදු මට්ටමක තිබේදැයි අපි නිතර විමසිලිමත්විය යුතුය. නිවසින් පිටවෙන හැම අවස්ථාවකදීම අප පානිය ජලය රැගෙන යෑමෙන් මෙම තත්ත්වයෙන් බොහෝදුරට මිදිය හැකිය. එසේම නිතරම උණු කර නිවාගත් ජලය පානය කිරීමට වග බලා ගත යුතුය. ආයතන ගෙන බැලූවහොත් එම ආයතනවල පාවිච්චියට ගන්නා ජලයේ ඇති ගුණාත්මක භාවය පිළිබඳව ආයතන ප‍්‍රධානින් දිනපතා සොයා බැලිය යුතු මූලික කටයුත්තක් බවට පත් කරගත යුතුය.

අද මා ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන්නේ උණුකර පානය කිරීමට සකසා ගන්නා ජලය පිළිබඳවයි. පානීය ජලය මඳක් උණුවෙන් පානය කිරීමෙන් විශේෂ ගුණ ලබා ගත හැකිය. එම ගුණ පහත සඳහන් ලෙස දැක්විය හැකිය.

1. හිස් බඩට උණු දිය පානය කිරීමෙන් අම්ල පිත්ත රෝගය නිසා හටගන්නා පපුව දැවිල්ල, ඇඹුල් රසයට උගුරට ඒම, රාමතෙල් පිටවීම වළකා ගත හැකිවාක් මෙන්ම මළ මූත‍්‍ර ශුද්ධියද මේ නිසා හොඳින‍‍් සිදුවෙයි.

2. අර්ශස් රෝගීන්ගේ මළබද්ධයට උදෑසන උණු දිය පානය කිරීම හොඳ ප‍්‍රතිකර්මයකි.

3. ආමාශය හා පක්වාශයේ ඇති සෙම් කොටස් උණූ දිය බීමෙන් පහව යයි. එය ආහාර ජීර්ණයට රුකුලකි.

4. වියළි කැස්සට උණුදිය අමෘතයක් හා සමාන වෙයි. කැස්ස ඇතිවිට මෙම උණුදියට සහිඳ ලුණූ ටිකක් මිශ‍්‍ර කරබීමෙන් තවත් ගුණ වැඩිවෙයි. මෙය ඇදුම රෝගයට හෙවත් ස්වාස රෝග අවස්ථාවේදී ද ඉතා ගුණදායකය.

5. උණු දිය පානය කිරීමෙන් වාත රෝගද නැසෙයි.

6. හිස් බඩට උණු දිය බීමෙන් මුත‍්‍ර රෝගද නැතිවෙයි. මුත‍්‍ර ටික ටික පහවීම, මූත‍්‍රාවල පැහැය වෙනස්වීම, මූත‍්‍ර දැවිල්ලටද සහනය ලැබේ.

7. උණු දිය බීමෙන් සිරුරේ අනවශ්‍ය මේදය වැඩීම සිදු නොවේ. එම නිසා තරබාරු අය උණු දිය පානය කිරීමෙන් තවතවත් තරබාරු වීමෙන් මිදිය හැකි අතර තරබාරුවද අඩු වෙයි.

8. උණු වතුරට ස්වර්ගිකා ක්‍ෂාර මිශ‍්‍ර කර බීමෙන් පිත්තාශ්මරි හා අක්මාවේ රෝගීන්ට සහනය සලසයි. එම රෝග නිසා හටගන්නා වේදනාව සමනය වෙයි.

9. උණ රෝගයේදී මෙන්ම අනිකුත් රෝගවලදී හටගන්නා පිපාසය සංසිඳුවීමට උණු දිය ඉතා සුදුසුය.

10. උණූ ජලය පානය කිරීමෙන් දහදිය පිටම හොඳින් සිදුවෙයි. එයින් සම නිරෝගී වෙයි.

11. අතීසාර, වමන, අරුචි, බඩපිපුම, දෑලවර වේදනා ආදි අවස්ථා වලදී උණුදිය භාවිතා කළ යුතුය. ශිතල ජලය නිසා රෝග උත්සන්න වෙයි.

12. මත් වතුර හෝ මත්ද්‍රව්‍ය නිසා මත්වූ අයට උණු දිය බීමට දීමෙන් මත් ගතිය පහවෙයි.

13. ආහාර අරුචිය නැති කර ගැනීමට උණුසුම් ජලය ටිකෙන් ටික පානය කිරීමෙන් රුචිය ඇතිවෙයි.

උණූසුම් ජලය බීමට පමණක් නොව සෙම් රෝග ඇති විට වාෂ්ප ඇල්ලීමට ද සුදුසුය. විශේෂයෙන් රෝගයක් සුව වීමෙන් අනතුරුව උණු දිය නෑමෙන් හා පානය කිරීමෙන් සිරුර නැවත ශක්තිමත් වෙයි. දරුවන් ප‍්‍රසූත කළ මව්වරුන්ටද වනිතාවන්ට ඔසප් සමයේදී ද නෑමට  උණු දිය භාවිතා කිරීමෙන් සහනය සැලසෙයි.

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 



අදහස් (1)

මද උණු ජලය පානය කිරීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ

Jayantha Tuesday, 05 May 2020 03:44 PM

මා දිනකට තද උණු වතුර ලීටර් 2 - 5 - 3 අතර පානය කරනවා... එය ඇඟට ගුණදායකද? දැනට මාස 3 පමණ කාලයක සිට....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site