IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මුදල් වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම් පිරිසක් සිටින බව හිටපු ජනපතිනිය කියයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

“මනුස්සකම යටවී මහා භයානක සමාජ තත්ත්වයක් රටේ ඇති වෙලා.  මුදලට මෙන්ම තවත් මුදල් ලබා ගන්නට  ඕනෑම දෙයක් පාවාදෙන්න ලෑස්ති පිරිසක් අපේ රටේ ඉන්නවා.  විශේෂයෙන්ම දේශපාලනඥයෝ තමන්ගේ අම්මා පවා බන්දේසියක තියලා විකුණන්න ලෑස්ති වෙලා සිටින යුගයක් ඇතිවෙලා“ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය  පැවසුවාය. ඇය මේ බව කීවේ නිට්ටඹුව    හොරගොල්ල ඕචඩ්වත්ත මුස්ලිම් විද්‍යාලයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති කලා ප්‍රසංගයේ ත්‍යාග ප්‍රදානයට එක්වෙමිනි. 

හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.

“මගේ ජනාධිපති ධුර කාලයේදී අධ්‍යාපනයට විශේෂ තැනක් දුන්නා. අධ්‍යාපන ඇමති සමග   මම   පැය ගණන් දවස් ගණන් සති ගණන් ගත කරලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඒ තුළින් රටේ අධ්‍යාපනයේ විශාල වර්ධනයක් ඇති කරන්න පුලුවන් වුණා“ 
“නවෝද්‍යා පාසල් වැඩ පිළිවෙල යටතේ හැම ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයකම පාසල් දෙකක් ගානේ පාසල් හත්සිය ගානක් තේරුවා . උතුරු නැගෙනහිර යුද්දේ තිබුණු නිසා ඒ පාසල්වලට අත ගහන්න බැරිවුනා. 

අපි බලයට එනකොට විදුහල්පතිවරු සිටියෙත් නැහැ. වැඩි දෙනා කොළඹට යන්න බලා ගෙන හිටියා.  ඈත පලාත්වලට යන්න සූදානම් වූ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට විශේෂ දීමනාවකුත් දුන්නා. එහේම කරගෙන පාසල් දියුණු කර ගෙන එනකොට ආණ්ඩුව වෙනස්වුනා. දැන් ආපහු මුල ඉදලා ගේන්න වෙලා තියෙනවා. අපි ඒ දේ කරන්න ආරම්භ කර තිබෙනවා.‘‘  යයිද චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය  පැවසුවාය.



අදහස් (5)

මුදල් වෙනුවෙන් ඕනෑම පාවාදීමකට සූදානම් පිරිසක් සිටින බව හිටපු ජනපතිනිය කියයි

සෙනෙවි Sunday, 05 March 2017 06:44 AM

ඒ කියන පිරිසේ මුලින්ම ඉන්නෙ මැය නේද ?

:       0       0

Jayasiri Sunday, 05 March 2017 07:43 AM

අනේ අම්මෝ ඒ කාලෙ කරපුවනම් ආයෙත් පටන් ගන්නෙ නැතිනම් හොඳයි....

:       0       0

Manojith Sunday, 05 March 2017 08:16 AM

අවුරුදු අටක් තිස්සෙ පාලනය කරලත් මේවගේ කතා කියනවා. ඒ කාලෙ අධ්‍යාපන නිලධාරීන්ට උදේ නමයට එන්න කිව්වත් හම්බවන්න වෙන්නේ හවස හයට...

:       0       0

kiri gamarala Sunday, 05 March 2017 08:44 AM

සංහිඳියා උපදේශක කියාගෙන තමුන්නැහෙත් කොරන්නෙ ඔය කෙංගෙඩියමනෙ. සංහිඳියාව බාර ඇමති මඟින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා ආගම ඉගැන්වීම පාසැල් විෂය නිර්දේශයෙන් අයින් කළ යුතුයි කියල යෝජනා කළේ ජාත්‍යන්තර එන්ජීඕ නඩයේ මුදල් වලින් යැපෙන හින්ද නෙවෙයිද?

:       0       0

Senarath Sunday, 05 March 2017 08:47 AM

අවාසනාවට රිචඩ් පතිරණ ජීවතුන් අතර නෑ. අපි දන්නවා රිචඩ් පතිරණ වටිනා දේවල් රැසක් කළා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 959 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site