(අංජුල මහික වීරරත්න)
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ප්‍රතික්ෂේප වන ලෙස නිර්දේශ ලබාදෙන බවට ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ.
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට නිර්දේශ සඳහා යැවූ පසු සාකච්ඡා කළ කරුණු අමතක කොට නිර්දේශ ලබාදීමෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ප්‍රතික්ෂේප වන බවද අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සමග සඳහන් කර ඇත.
එසේම ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශ කිහිපයකට අදාලව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කිහිපයකට ද මෙලෙස වැරදි නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ජනපති මේ ගැන සොයා බැලීමේදි හෙළිදරව් වී තිබේ.
මුදල් අමාත්‍යංශය යටතේ දෙපාර්තමේන්තු 13 ක් පමණ පවතින අතර අදාල අමාත්‍යවරුන් ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට ප්‍රථම අදාල දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සාකච්ඡා කොට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලබයි.
ඇමති මණ්ඩල අනුමැතියට පෙර ඒවාට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම වෙනුවෙන් අදාල දෙපාර්තමේන්තුවට ගිය පසු ඔවුන් කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වන ලෙස හිතා මතාම නිර්දේශ ඉදිරිපත් කරන බව මෙම ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැමිණිලි කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ කාර්ය භාරය පාර්ලිමේන්තුවේ දී ප්‍රසිද්ධියේ විවේචනය කළ බවත් ඉදිරියේදී මහාභාණ්ඩාගාරය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන් රජය අපහසුතාවයට පත් කිරීමට කරව මෙම ක්‍රියාවලිය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට තීන්දු කර ඇතැයි අමාත්‍යවරු ජනපති සමග පැවැසූහ.
ලංකා ගමනාගමන මණ්ඩලයට සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් මහාභාණ්ඩාගාරය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇතත් තවමත් එය සකස් කර නොමැති වීම ගැන ද ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අමාත්‍යවරු පැමිණිලි කළහ.
ජනාධිපති යටතේ ඇති අමාත්‍යාංශ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවලට වැරදි නිර්දේශ ඉදිරිපත් කිරිම ගැන මෙන්ම ඇමතිවරු කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා එවැනි දෑ සිදුනොවීමට අවශ්‍ය පියවර ගනන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට හා ජ්‍යෙෂ්ඨ සහකාර ලෙකම් මධුසංක දිසානායක මහතා වෙත ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය .
මෙම දෙපාර්තමේන්තු වල සිටින නිලධාරීන් බහුතරයක් අවුරුදු 20 ක් 30 ක් එකම ස්ථානයක රැදී සිටිමින් මේවායෙන් ලැබෙන වරප්‍රසාද භුක්ති විදිනවා විනා රටට අවශ්‍ය දේ ඉටු නොකරන බවටද ඇමතිවරුන් ජනාධිපති දැනුම්වත් කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගැන ඇමැතිවරුන්ගෙන් ජනපතිට පැමිණිලි
Lalla Saturday, 17 February 2024 10:08 AM
ලංකා විශ්ව විද්‍යාලවල කලා උපාධිය ගත්තු රාජ්‍ය පරිපාලන සේවයේ බහුතරය කිසිම දේකට තර්කානුකූලව මුහුණ දීමට හෝ කටයුතු තේරුම්ගෙන වැඩ කරන්න පුළුවන් අය නොවේ. සංවර්ධන නිලධාරීන්ට දෙවෙනි නෑ. ඇමැතිලා නොමග යැවීම නොව ඒ වාර්තා සකස් කරන විදිහ නොදන්න කම නේද? ඕක අතීතයේ පටන්ම අපේ පරිපාලන සේවයේ දුර්වලකමක්... කොතරම් නව නිශ්පාදන පේටන්ට් ඔවුන්ට බැරිකම නිසා ප්‍රතික්ෂේප කරලා තියෙනවාද?
Mo77 Saturday, 17 February 2024 12:49 PM
මහා භාණ්ඩාගාරයේ මූදල් අමාත්‍යාංශය, මහ බැංකුවේ ඉන්න නිලධාරීන්ගෙන් බහුතරයක් විදේශ පුරවැසියෝ එහෙම නැත්නම් විදේශවල ස්ථිර පදිංචිකරුවෝ... එහෙම නැත්නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ විදේශ රටවල් වල ස්ථිර පදිංචිකරුවෝ. මොවුන්ට ලංකාව ගැන හැඟීමක් නෑ. මොවුන් කරන්නේ ලංකාවෙන් සල්ලි හොයලා පිටරටට පටවන එකයි..
ravin Saturday, 17 February 2024 01:21 PM
දේශපාලුවන් ගැන දන්න ඕනම කෙනෙක් ඔය යවන කියන ලියකියවිලිවල තාර බර ගැන හොඳින් දන්නවා. උදාහරණ ඉමිනෝග්ලොබින් සිද්ධිය ඒවා අනුමත කරලා මුළු රටේම සාපයට ගොදුරු වෙනවට කැමැති කවුද?