(අංජුල මහික වීරරත්න)
මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077 ක් හඳුනා ගැනීමට හැකි වූ බවත් මෙහි දී රතු නිවේදන නිකුත් කිරීම් 3916 සිදුකළ අතර පරිශ්‍ර 1470 කට නිතී මඟින් ක්‍රියා කිරීමට ද පියවර ගන්නා ලද බව අමාත්‍යංශය කියයි.
නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින හෙයින් සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් අනුව ක්‍රියාත්මක කළ මදුරු මර්දන සතියේදී ඉහත පියවර ගෙන ඇත.
දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මදුරුවන් බෝ කරන පරිශ්‍ර 31,145 ක්