මද්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම්වලින් රුපියල් කෝටි 20ක බද්දක් අය කිරීම සඳහා නව රජය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අගවිනිසුරු කේ ශ්‍රීපවන්, සිසිර ද ආබෘ සහ අනිල් ගුණරත්න මහත්වරුන්ගෙන් විනිසුරු මඩුල්ල සමන්විත විය.
එම බද්ද පැනවීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බව කියමින් හංවැල්ල ඇක්මි ලංකා ඩිස්ටලරිස්, නිපොන් එක්ස්පෝට්ස්, ස්කොට්ලන්ඩ් ඩිස්ටලරීස්, උවෙල්කා පෞද්ගලික සමාගම් ගොනු කළ පෙත්සම් හතරක් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලිනි.
විරෝධතා ඇත්නම් ඒවා අප්‍රේල් 30 වැනි දාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කැරිණි.
මෙරට මධ්‍යසාර වෙළෙඳපොළ ක්‍රියාත්මක විශාල සමාගම් හතරකට මෙම බද්ද ගෙවීම ප්‍රශ්නයක් නොමැති වුවත් කුඩා පරිමාණයේ සමාගම් අටකට මෙම බද්ද ගෙවිය නොහැකිව වසා දැමීමට සදුවීමෙන් පවුල් 4000කගේ පමණ ජීවනෝපාය අහිමි වන බවත් පෙත්සම්කරුවෝ කියති.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මද්‍යසාර බද්දට තහනමක්
සනත් Wednesday, 25 March 2015 01:45 PM
පොතේ නිතිය කොහොම තිබුනත් ........... ! මද්‍යසාර විකුණන පවුල් 4000 ගැනද වඩා වටින්නේ, මද්‍යසාර බි විනාශ වන පවුල් ලක්ෂ ගන්නද වඩා වටින්නේ කියා සිතා බැලිය යුතුයි. (හේ)
සුමින්ද සම්පත් Wednesday, 25 March 2015 09:23 AM
අැයි මෙහෙම වෙන්නේ...........? (ත)
සුමිත් Wednesday, 25 March 2015 09:53 AM
නියමයි, අවුරුදු ළඟයි. ඒ නිසා වන යහ පාලනය (නදී)
ජයන්ත Wednesday, 25 March 2015 10:22 AM
අධිකරණ නියෝග වලට බලකරන්න ආන්ඩුවට බැහැ. හැමදේම වැරදි විදියට යහපාලනයට සම්බන්ධ කරන්න එපා (නදී)
දහම් Wednesday, 25 March 2015 10:28 AM
මේ බද්ද ගැහුවේ පළිගැනීමේ චේතනාවෙන්.(බ)
රෝයි Wednesday, 25 March 2015 10:44 AM
වත්මන් රජයටත් මත් වතුර වල රස හොදින් දැනිල තිබෙන බව මෙයින් පැහැ දිලියි.(නදී)
නානායක්කාර Wednesday, 25 March 2015 11:23 AM
රජයේ බදු ප්‍රතිපත්ති අභියෝගයට ලක් කිරීම් අනාගතයට සුබ දායි නැත. මෙහෙම වුනොත් රජයට කිසිම බද්දක් අය කර ගැනීමටත්, හොර වැඩ පාලනය කරන්නවත් බැරි වෙනවා. (ර)