IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ චූදිතයා පෝරකයට

(සුමිත් පොතුපිටිය )

පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි  දී 19 හැවිරිදි තරුණයෙකුට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ 24 හැවිරිදි වැඩිමහල් සොහොයුරා ගේ මුඛ ප්‍රදේශයට කඩුවකින් පහරදී මාරාන්තික තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්   මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ දෙවන ව්ත්තිකරු වරදකරු කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් අද (20)  චූදිතට මරණ දඩුවම නියම කලේය.

කලක් පානදුර මහවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඉන් පලාගොස් හලාවත, ඉහළ වීරකොඩියාන  ප්‍රදේශයේ පදිංචිව සිටී කුරුප්පු ආරච්චිගේ චින්තක මධුභාෂණ නමැති 38 හැවිරිදි පුද්ගලයකු හට මෙසේ මරණ දඩුවම් නියම කෙරිණි.

චූදිත 2015 අගෝස්තු මස 10 හෝ ඊට ආසන්න දිනකදී පානදුර මහවිල ප්‍රදේශයේ දී බොකරගොඩ ගමගේ පසිදු මධුෂාන් යන අයගේ ගෙලට කඩුවකින් පහරදී ඝාතනය කිරීම සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා  වන බොකරගොඩ ගමගේ චතුරංග  යන අයගේ මුඛ ප්‍රදේශයට කඩුවකින්  පහරදී  මාරාන්තික තුවාල සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපති වරයා  ව්සින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි .

නඩුව විභාග වන අතරතුර මහාධිකරණය මගහැර සිටී අතර,  චූදිත  නොමැතිව පසුගිය ජනවාරි 31 දින වරදකරු කරමින් මරණ දඩුවම නියම කර තිබුණි.

ඉන්පසු ඔහු හලාවත, ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ පොල්වත්තක සැගව සිටියදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන පානදුර මහාධිකරණයට ඉදිරිපත් කර තිබූණි.



අදහස් (1)

මාදුපිටිය මනුෂ්‍ය ඝාතන නඩුවේ චූදිතයා පෝරකයට

Bunny Preena Thursday, 21 August 2025 10:14 AM

මගේ අම්මෝ අවුරුදු 10ක් ගත වෙනවා කියන්නේ බොහොම කාලයක්. ලේසියෙන් ඔප්පු කළහැකි මිනිස් ඝාතන සහ ස්ත්‍රී දූෂණ වැනි අපරාධ සම්බන්ධ නඩු කල් නොදමා කෙටි කලකින් විසඳා තීරණ දෙන්න පුළුවන් ක්‍රමයක් ගැන අධිකරණ ක්ෂේත්‍රයේ අය කල්පනා කළොත් හොඳ නැතිද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site