ඉතාලියේ මෝදනා නගරයේ භූමි කම්පාවෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 48 දෙනා හමුවීමට ගිය නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා ඔවුනට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට සහනදායි මිලට ගුවන් ටිකට්පත් දීමට එකඟ විය. අවතැන්වූ ශ්‍රී ලාංකිකයෝ කඳවුරු හතරක සිටිති. මහින්ද රාජපක්ෂ ජනපති අද රෝමයට පැමිණීමට නියමිත අතර ලබන සිකුරාදා (8) 16 වැනි බෙනඩික් පාප් වහන්සේ හමුවීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මෝදනා අවතැන් වූවන් බලන්න නියෝජ්‍ය ඇමැති යයි
සන්ජු Thursday, 07 June 2012 08:31 AM
බලන්න ගිය කට්ටියගේ ටිකට් දුන්නනම් ඉවරනේ.මුළු ලෝකෙම දන්නවා ලංකාවේ අය එහේ අවතැන් වෙලා ඉන්න බට.අනේ මන්දා , මොකටද මේ එම්බසි තියෙන්නේ?
රජිත් Wednesday, 06 June 2012 06:15 PM
ලන්ඩන් සංචාරයට ගිය පිරිස අඩු කරලා වියදම අඩු කලා නම් නොමිලේම ටිකට් දෙන්න තිබුණා
මන්ජුල Thursday, 07 June 2012 08:56 AM
ඇමතිටත් හොඳ පික්නික් 1 නේ ...
මනිදු Thursday, 07 June 2012 02:41 PM
ඇයි නොමිලේ ටිකට් දෙන්න බැරි , ලාංකිකයෝ නෙමෙයිද...
අලිබබා Wednesday, 06 June 2012 07:15 PM
ඉතාලියේ ඉන්න අවතැන්වුවන් බේරා ගැනීමට මැති ඇමතිවරු රජය තිබෙන උනන්දුව විදේශ විනිමය ලංකාවට රැගෙන එන මැදපෙරදිග රටවල්වල රැකියාවල් කරන අතරමංවු ලාංකියන්ට නොමැතිවීම රජය ඒ දෙස නොබැලීම ඇත්තෙන්ම කණගාටුවට කරුණක්.
පාලිත හේමචන්ද්‍ර Thursday, 07 June 2012 09:44 AM
ඇමති කෙනෙක් එක්කන් ගිහින් ඉතාලිය හෙල්ලුවද මේ සමාගම......
ඉතාලි බුවා Thursday, 07 June 2012 04:11 PM
කරදරයක් උනාම උදව් කරන එක ශ්‍රී ලාංකිකයන්ගෙ හැමදාම තිබුණ උතුම් ගුණයක්. පුළුවන්නම් උපකාරයක් කරන්න නැත්නම් බොරැ ලියන්නේ නැතිව ඉන්න...
මෝදනා අසාධාරණය Wednesday, 06 June 2012 08:58 PM
මෝදනා වලට ලංකාවේ තානාපති කර්යාලයෙනුත් ගිහින් තියෙනවා. ඒ යනකොට ලංකාවේ මිනිස්සුන්ට අරන් ගිය ආහාර වල බිල්පතද ඒ උරවලම තිබිල තියෙනවා. ඒ බිල් වල මොනවද බෝතල් වල බිලකුත් එකම බිලට ඇතුලත් වෙලා තියෙනවාලු නේද. මෙන්න මේවාට කියන්නේ මොනවද?
රොෂාන් Thursday, 07 June 2012 10:22 AM
ඇයි නොමිලේ ටිකට් දෙන්න බැරි..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 10:04 PM
අඩන්න ඕනලු කිරි එරෙන්න.ජාත්‍යන්තරය පුරාම ප්‍රවෘත්තිය පළ වුන එකේ වාසිය බලන්න.
ලසිත් Thursday, 07 June 2012 05:47 PM
අවතැන්වූවන්ට සහන මිලට ටිකට්පත් දෙන්න කලින් ශ්‍රී ලංකන් සමාගම ගොඩදාගන්න බලන්න...
අමිල Wednesday, 06 June 2012 09:51 PM
එහෙනම් ලගදිම පාප් වහන්සෙත් ලංකාවට එයි නේද?
අමිල කටුනායක Wednesday, 06 June 2012 09:55 PM
එතුමාගේ දිස්ත්‍රික්කයේ ගොඩක් අය ඉන්නේ ඉතාලියේ....
ප්‍රසා Wednesday, 06 June 2012 10:19 PM
අවුලක් නෑ, ඒ අවතැන් අයත් අපේ මිනිස්සුනේ, ඒත් ඒ ඉතාලියෙ අපේ මිනිස්සු මේ කරදරය වෙනකම් වත් හොඳින් දිවි ගෙවන්න ඇතිනෙ, ඒත් මේ ලංකාව ඇතුලෙ භූමි කම්පා නැතුවත් අන්ත දුක් විඳින මිනිස්සුන්ව බලන්න, උපකාර කරන්න මේ ඇමතිලා යන්නෙ නෑනෙ.
තුසිත(ROMA ITALY) Wednesday, 06 June 2012 11:42 PM
අනේ හොදයි.කවුරු කවුරු හරි බලන්න එනවා නම්
ප්‍රනාන්දු-පාදෝවා Thursday, 07 June 2012 01:12 AM
මොකක්ද අර බිල්පත් කතාව? කැතයි හොදේ වැඩේ
මාතර මල්ලි Friday, 08 June 2012 11:11 AM
අලිබබාගේ ප්‍රකාශය අගයනවා