
(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ විශේෂ ලිපියක් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (23)බාර දුන්නේය.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී මෙම ලිපි පිළිගැන්වීම සිදු කෙරිණි.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහන පැකේජය සංකේතවත් කරමින් කිලිනොච්චිය ඒ-35 මාර්ගයේ බේලි පාලම විවෘත කිරීමද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා - ඉන්දීය විදේශ අමාත්‍යවරුන්ගේ අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක මහතා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පළමුවෙන්ම එක්වෙමින් ජනතාව මුදා ගැනීමේ, සහන සැලසීමේ සහ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය දැක් වූ හෘදයාංගම සහයෝගය පළ කරන බව කීය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝදිගෙන් අනුරට විශේෂ ලිපියක්
Lalith Tuesday, 23 December 2025 04:05 PM
ආදරෙයි අහස තරම් හොදේ... කයිතන්ගේ ආදර කතා...
චතුරි Tuesday, 23 December 2025 04:27 PM
දැන් මේ ලිපිය කියවලා. උත්තර දෙන්නේ ලොකු මල්ලි සහ පොඩි මල්ලි. ලාමක ටින් ටින් මෝඩ චූන්. මොකද මේ දෙන්නා රට වැටෙනකම් ඉන්නේ. ජනාධිපති වෙන්න. මේ නිවුන්නු දෙන්නා. එකම පුටුවේ ඉදගන්න. දගලන්නේ මෙවැනි ආධාර දෙනවාට අකැමැතියි. ලෝකාධාර හිතුවටත් වැඩිය ලැබෙනවා. මේ දෙන්නා කියන්නේ ජනතාව අතරමන් වෙලා දුකෙන් ඉන්නේ අපිට ගමට යන්න නැහැ... දුක කියන්නේ අපිට... පව් මේ අයියා, මලෝ දෙන්නා...