IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මෘදුකාංග කප්පම් මඩින්න ලංකාවත් එක් වෙයි

(අංජුල මහික වීරරත්න)

කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වී ඊට සම්බන්ධ ඉදිරි පියවර ගැනීම පිණිස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කප්පම් මෘදුකාංග පිටුදැකීම පිණිස ජාත්‍යන්තර සම්බන්ධීකරණය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් තවත් රටවල් කණ්ඩායමක් සමඟ 2021 වර්ෂයේ දී පොදු වේදිකාවක් වශයෙන් ආරම්භ කරනු ලැබ ඇති කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවටද ඇරැයුම් ලැබී ඇතැයි රජය පවසයි.

මේ වන විට එම සමාරම්භක පියවර සඳහා ලොව පුරා රටවල් හතළිස් අටක් සහ යුරෝපා සංගමය මෙන්ම ජාත්‍යන්තර පොලිසිය ද සම්බන්ධ වී ඇතැයි රජය කියයි.

ශ්‍රී ලංකාවද මෑත කාලීනව කප්පම් මෘදුකාංග  හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් කප්පම් මෘදුකාංග වලට එරෙහි ජාත්‍යන්තර සමාරම්භක පියවරට සම්බන්ධ වීමෙන් ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවන බව හඳුනාගෙන ඇත.



අදහස් (0)

මෘදුකාංග කප්පම් මඩින්න ලංකාවත් එක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site