IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් මෙට්ටයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන ඇති අතර මේවා මෙම කාමරයට ගෙන ආවේ කුමකටදැයි සොයා බලා ගෙන යන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

මෙම කොට්ට දෙක සහ මෙට්ටය හමුවී ඇත්තේ පාර්ලිමේන්තු ප්‍රධානියකු පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර නිරීක්ෂණය කළ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සමහර රූමත් තරුණ සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි නිලධාරීන් පිරිසකට චෝදනා එල්ලවී ඇති අතර, එම කමිටු කාමර පසුගියදා පරික්ෂා කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

මේ අතර, එම ලිංගික හිංසන චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව ඒ ගැන දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.

කමිටුව මේ සම්බන්ධයෙන් සේවිකාවන් ඇතුළු 20 කට ආසන්න පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර, මෙම පරීක්ෂණ කටයුතු අඩාළ කිරීමට සහ ඒවාට බලපෑම් කිරීමට නිලධාරීන් පිරිසක් රහසිගතව කටයුතු කරමින් සිටින බව පැවසෙන අතර  ඒ පිළිබඳවද පාර්ලිමේන්තු බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වාර්තාවක් දෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පරීක්ෂණ කමිටුවට පසුගියදා උපදෙස් දුන්නාය.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගෙන් අප කළ විමසුමක දී ඇය පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් රැසක් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකට එරෙහිව ප්‍රබල සාක්ෂි දී ඇති හෙයින් පරීක්ෂණයේ ප්‍රතිඵල දෙස මන්ත්‍රීවරුන් සහ  පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය  ඉතා අවධානයෙන් බලා සිටින බවයි.

හිංසනයට ලක්වූ එම සේවිකාවන්ට අනිවාර්යයෙන්ම සාධාරණය ඉටු විය යුතු බව ඇය පැවසුවාය.



අදහස් (5)

මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් මෙට්ටයක්

චන්දන Thursday, 17 August 2023 10:56 AM

එක මෙට්ටයයි. කොට්ට දෙකයි. ඕනම ළදරුවකුට තේරෙනව වෙලා තියෙන දේ. ඩීඑන් ඒ පරීක්ෂණයක් කරන්න ආයෙ වෙන සාක්ෂි ඕන නැහැ.

:       2       35

කිරිපුතා Thursday, 17 August 2023 03:06 PM

කට්ටිය සැප අරන්.

:       1       3

චින්තක Thursday, 17 August 2023 04:58 PM

මොන කමිටුවේ කාර්යාලයද කියන්න...!

:       0       0

නිමල් Friday, 18 August 2023 04:14 AM

කලකට පෙර සෙත් සිරි දෙන පායක කාමරයක ඇඳකුත් තිබුනා

:       0       0

de silva Friday, 18 August 2023 07:50 AM

මේ සම්බන්ධ පරීක්ෂණ රහස්පොලිසියට භාර දෙන්නේ නැත්තේ මොකද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site