(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝවිලකදී පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භය මැදට පැමිණ උද්ඝෝෂණයක නිරත වීමෙන් පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ උණුසුම් තත්වයක් ඇති විය.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ පුද්ගලයෙකුට ආගමික ස්ථානයක වන්දනාමාන කිරීමට අවස්ථාව නැතිනම් එය පුද්ගලයෙකුගේ මානව අයිතිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
විපක්ෂ නායකතුමා දාන්නේ මේ ෂෝ එකක්
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා
ඔය ගොඩක් දෙනා දාන්නේ ෂෝ තමයි.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා
මේ ප්‍රශ්නය නගන්න අපි විරුද්ධ නැහැ. තමන්ගේ ආසන වලට ගිහිල්ලා ප්‍රශ්නය නගන්න.
වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්
අට දෙනෙක් ඇරස් කරලා තියෙනවා ඒ අට දෙනාම නිදහස් කරන්න ඕන. උසාවියට දාලා තියෙන්නේ බොරු නඩුවක්.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:
ඒ සිද්ධිය ගැන අධිකරණය සාධාරණය යුක්තිය ඉෂ්ට කරාවි. අධිකරණය තියෙන නඩුවක සැකකරුවන් නිදහස් කරන්න කියලා මේ පාර්ලිමේන්තුවේ කිව්වම හරි යනවද. ඒ ගැන දැන් තීන්දුව දෙන්න ඕන විනිසුරුවරු. සිද්ධිය ගැන අපක්ෂපාති පරීක්ෂණයක් තියලා සියලු තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මේ මුළු පාර්ලිමේන්තුවම ආගමික නිදහස ආරක්ෂා කරන්න බැඳී සිටිනවා.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැති සබය රත් වෙයි
රංබොඩ Tuesday, 19 March 2024 10:28 AM
වැරදි කරුවන් කෝවිල් යනවා පන්සල් පල්ලි යනවා. අත් අඩංගුවට ගැනීම සඳහා තැන ගැන තැකීම අනවශ්‍ය දෙයක් වරද.වරදමය. ඊලාම් නීතිිය ගේන්න වෙන්න ඇති කට්ටියම නටන්නෙ . පුතානෝට ඡන්දය ලැබුනෙත් ඊලාම් සිහනවලින්නෙ
ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Tuesday, 19 March 2024 11:49 AM
විපක්ෂ නායක තුමා කියන විදියට මිනී මරලා කෝවිලේ පන්සලේ හැන්ගුනාම අත් අඩංගුවට ගැනීම ආගමික නිදහසට බාදාවක්ද?
Bunny Preena Wednesday, 20 March 2024 09:42 AM
වෙන්ඩ බෑ. එච්චර හොඳට ඒසි කරලා තියෙද්දී?