IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත් සිගරැට්ටුවක් දී පී.සීට සුද්දයක් දීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලියට යෑමට පැමිණි පොලිස් කොස්තාපල්වරයකුට නාදුනන පුද්ගලයකු  ලබාදුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු එම කොස්තාපල්වරයා මත් වීමකට පත්වීමෙන් අනතුරුව ඔහු ගෙල පැලැඳ සිටි  රන් මාලය සහ ජංගම දුරකථනය සොරා ගෙන පලාගොස් ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි.

මෙම දේපළවල වටිනාකම රුපියල් 432,000වන බව පොලිස් කොස්තාපල්වරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවැසීය.

අනුරාධපුර, මැදවච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කරන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරයෙකු හමුවීම සඳහා කොළඹට පැමිණ ඇත.

ශාරීරික අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට එම පොලිස් කොස්තාපල්වරයා බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලිය වැසිකිළියට පැමිණි අවස්ථාවේ එම වැසිකිලිය අසල රැඳී සිටි නාඳුනන පුද්ගලයකු ලබා දුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු ඔහුට මත් ගතියක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (9)

මත් සිගරැට්ටුවක් දී පී.සීට සුද්දයක් දීලා

Bamunuarachchi bu Tuesday, 31 October 2023 07:55 AM

ඕනම ජරාවක්‌ කන පොලිස් කාරයෙක්. මොන මිනිහාද කව්රුත්, විශ්ෂයෙන් නොදන්නා කෙනෙක් බීපු සිගරට් කොටයක් බොන්නේ? මොන හිඟන පොලිස්කාරයෙක්ද?

:       0       0

ජානකී Tuesday, 31 October 2023 08:09 AM

පොලිසිය හිතන් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු තමා හැම වෙලේම මෝඩ කියලා.

:       0       0

Asoka dep Tuesday, 31 October 2023 08:40 AM

ලැජ්ජා නැද්ද නොදන්න එකෙක් බීපු සිගා කොටයක් කටේ ගහන්න....

:       0       0

ravin Tuesday, 31 October 2023 08:46 AM

පුරුද්දට පිනා කන්න ගිහිල්ලා

:       0       0

රංබොඩ Tuesday, 31 October 2023 09:17 AM

නොදන්නා කෙනෙක්.කටේ ගහපුවා තමන්ගේ කටේ තියාගෙන උරනවට හොඳ පාඩං. වැඩිය අවශ්‍ය නෑ පෞද්ගලික පිරිසිඳු කම ගැන හිතුව නම් බේරෙන්න තිබුණා

:       0       0

නිමල් Tuesday, 31 October 2023 09:25 AM

මේ කතාවේ පැති කිහිපයක් තිබෙනව. 1. ජරාව ගැනීමට ඇබ්බැහි වීම.2. මතට ගිජු බව 3.මෝඩ කම පොලීසියට කියන්න තිබෙන්නේ ' ඔවා දෙනු පර හට තමා සම්මතෙහි පිහිටා' යනු යි.

:       0       0

dasun Tuesday, 31 October 2023 09:25 AM

432,000 ක් ? මමත් යනවා කොස්තාපල් ඉන්ටවීව්

:       0       0

C.K.Lankaputhra Tuesday, 31 October 2023 10:41 AM

ශ්‍ර්‍රී ලංකාවේ පොලිස් කොස්තාපල් වරුන් ඒ තරම්ම පහළ මට්ටමකට වැටිලාද? නන්නාඳුනන මිනිහෙකු බාගෙට බීපු සිගරට් කොටයක් බොන්න. මේ නිලධාරියා කියන අපබ්‍රංශය හොඳයි... ශ්‍රී ලංකා පොලිසියටම. මොකද පොලිසියේ ඉන්නෙත් බාගෙට ඩෝප් වෙලානේ...!

:       0       0

Nadadawa withanage sisira kumara Tuesday, 31 October 2023 02:58 PM

පොලිසියම හොරා පොලිස් කරනවනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site