IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාතෘ මරණ වැඩි වේ.

හාදයාබාධ , නියුමෝනියා  සහ  වෙනත්   කායික  රෝගබාධ හේතුවෙන්   සිදුවන  මාතෘ   මරණ  සංඛ්‍යාව  පෙර   වසර   වලට සාපේක්ෂව වැඩි  වි   ඇතැයි   මාතෘ  මරණ  විමර්ශනය   පිළිබඳ ජාතික  වැඩ   සටහනේ   කළමණාකරු  ප්‍රජා  වෛද්‍ය   විශේෂඥ කපිල  ජයරත්න  මහතා  කියයි.

ශ්‍රි  ලංකාවේ   වාර්ෂිකව  සිදුවන  සජිවි   දරු  උපත්  365000 – 400000 ට  මාතා   මරණ  119 ක්   සිදුවන  බව සෞඛ්‍යය අමාත්‍යාංශය පෙන්වා   දේ.

ලෝකයේ   වසරකට  සිදුවන  මාතෘ මරණ  සංඛ්‍යාව  289,000කි.

ගර්භනි   සමයේ  දි   ඇති   වන  හිසරදය   අධිරුධිර  පිඩනය, හෘදයේ   සහ  පපුවේ     වේදනාවන් උදරයේ  වේදනා  ගර්භයේ  වැඩෙනා  දරුවාගේ  චලනය  නතර  විම   සහ  දිනක්  හෝ  පවතින  උණ  තත්ත්වය   නොසලකා   හැරිමත්  නියමිත  පරිදි   ප්‍රතිකාර    නොගැනීමත් මෙලෙස  අවාසනාවන්ත ලෙස  මාතෘ  මරණ  ඉහළ   යෑමට    හේතු  වි   ඇති  බව   වෛද්‍යවරයා  සඳහන්  කරයි.

වෛද්‍ය   උපදෙස්   දි   තිබියදි   නිවැරදි   පවුල්   සැළසුම්   ක්‍රම  භාවිතා   නොකිරිම  නිසාද  වසරකට   මාතෘ   මරණ  30 කට    ආසන්න  ප්‍රමාණයක්   සිදුවන  බවද  ඔහු  කියයි.

වැඩිම  මාතෘ   මරණ  ප්‍රමාණයක්   සිදුව  ඇත්තේ   සිව්වන  දරු   උපතේ  දි   හෝ ඊට   වඩා   වැඩි   දරු   ප්‍රසුතිවලට   සුදානම්  විමේදිය.

ලෝකයේ   දියුණුම  රටවලට  සාපේක්ෂව  අප  රටේ   මරණ  අනුපාතය  ඉතා  ශිඝ්‍ර  ලෙස   අඩු   වී  ඇතත්   මෙම මරණ  වලිනුත්  සියයට   71  පමණ   වළක්වා   ගත  හැකි   ඒවා   බවද   වෛද්‍යවරයා පවසයි.

මාතෘ  මරණ  සංඛ්‍යාව  අඩුකිරිම  සඳහා    අවශ්‍යය   පහසුකම් සැලසිම  වෙනුවෙන්  රජය  මහනුවර   ,කොළඹ ද සොයිසා   සහ  අනුරාධපුර   මහ  රෝහල්   වලට රුපියල්  කෝටි 75ක්     දි   ඇතැයි   සෞඛ්‍යය  අමාත්‍යාංශයේ   පවුල්   සෞඛ්‍යය   කාර්යංශයේ   අධ්‍යක්ෂ  වෛද්‍ය   හේමන්ත  බෙනරගම  මහතා   කියයි.

 



අදහස් (0)

මාතෘ මරණ වැඩි වේ.

ටෙරන්ස් Wednesday, 01 April 2015 06:21 PM

මේක නම් සුභදායක ආරංචියක් නොවේ (නි)

:       2       0

දුමින්ද Wednesday, 01 April 2015 09:37 AM

මාතෘ මරණ අනුපාතය පහළ යාම රටක සුභ ගමනක කැඩපතකි..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site