(අංජුල මහික වීරරත්න)
පොලිසිය සහ හමුදාව එක්ව ඊයේ දිනයේ කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 881 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියයි.
අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකුද වරෙන්තකරුවන් 389 දෙනෙකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත්ව ඇත.
රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහාත් සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සදහාත් මෙහෙයුම් ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී.
2025-08-04 දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6141 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 23321 දෙනෙක්ද වාහන 9459ක්ද යතුරු පැදි 7019ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එකී මෙහෙයුම් වලදී නීති විරෝධී ගිනි අවි 4ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙකී මෙහෙයුම් අතරතුරදී මහාමාර්ගයේ රථවාහන වැරදි සම්බන්දයෙන්ද මෙහෙයුම් පුලූල් කර ඇති අතර ඒ අනුව බීමත් රියදුරන් 97ක සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වෙනත් වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 3314ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන ඇත.
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර දැමීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් මර්දනය කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණයත් ශ‍්‍රී ලංකා පොලිසියේ හා ත‍්‍රිවිධ හමුුදාවේ මැදිහත් වීමත් මත සෝදිසි මෙහෙයුම් දෛනිකව ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මත් වැරදි වලට 881ක් පොලිස් දැලේ