IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මැතිසබේ විශේෂ රැස්වීමට දුර බැහැර මන්ත්‍රීලා නෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේදී අද(30) පැවැති විශේෂ රැස්වීමට ඈත දුරබැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී නොවීම විශේෂත්වයකි.

ඈත දුර බැහැර මන්ත්‍රීවරුන් අධික ඉන්ධන වියදමක් දරාගෙන එක් දිනකට කොළඹට පැමිණීමෙන් ලොකු පාඩුවක් සිදුවන හෙයින් එම මන්ත්‍රීවරුන් මෙසේ නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සභාවේ ඝණ පූර්ණය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් බස්නාහිර සහ ඒ අවට පළාත්වලින් සහභාගි කරවා ගැනිණ.

සතියේ දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී ඒ දින හතරම කොළඹ රැඳී සිටින හෙයින් එම පාඩුව යම් තරමකට තුලනය කරගත හැකිවන බව මන්ත්‍රිවරැ කිහිප දෙනෙක් පැවැසූහ.

යාපනය වැනි අෑත දුර බැහැර ප්‍රදේශයක මන්ත්‍රීවරයකුට වාහනයකින් කොළඹට පැමිණ නැවත යෑමට ඉන්ධන වෙනුවෙන් රැපියල් පනස් දහසකට අාසන්න වියදමක් දැරීමට සිදුවන බව පැවසේ

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම අද (30) පැවැත්වුණේ ඉදිරි අයවැය ලේඛනයට අදාල අවශ්‍යතාවක් ඉටු කිරීම වෙනුවෙනි. පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට ආරම්භවී පස්වරු 4.30 දක්වා පැවැත්විණි.

 



අදහස් (7)

මැතිසබේ විශේෂ රැස්වීමට දුර බැහැර මන්ත්‍රීලා නෑ

Perera Tuesday, 01 July 2025 12:16 AM

බොහෝ රටවල් වල වගේ මන්ත්‍රීලට සේවයෙන් භාවිතා කරමින් පාර්ලිමේන්තු එන්න බැරි මොකද?

:       0       1

බකල ජයා Tuesday, 01 July 2025 05:03 AM

මාර ප්‍රශ්නේ...! දැන් වෙන මාර්ගත් නැතිතරම්. සූම් වලින් බැරියැ?

:       0       1

Chethiya Tuesday, 01 July 2025 06:24 AM

මංත්‍රිලාගෙන්, ඇමැතිලාගෙන් රටට සේවයක් ගන්න තමයි හිටපු පාලකයෝ ඔවුන්ට නවාතැන් පහසුකම් හා ඇමැතිලාට නිල නිවාස දීමට කටයුතු කළේ ඒවා අවශ්‍යම නැහැ කියලා... අයින් කලා දැන් රැස්වීම් වලටත් සොයාගන්න බැරුව කෙඳිරි ගානවා දුරදිග නොබලා අපි තමයි ඔක්කෝම දන්නේ උන්දැලා මොනවාද දන්නේ අවුරුදු 75ක් කලේ මොනවාද ඇහුව ටිකෙන් ටික ඇත්ත තේරුම් යන විට රට අගාධයේ පතුලටම වැටී වැලිවලින් නැත්නම් රොන් මඩටත් යටවෙලා තියේවි...

:       2       1

C.K.Lankaputhra Tuesday, 01 July 2025 06:35 AM

පවු අප්පා. මේ දුප්පත් මිනිස්සු කොහොමද එක පාරටම පැට්රෝල් ගහන්න ලොකු මුදලක් වියදම් කරන්නේ...? අපිට නම් තව කමක් නෑ. ඔන්න ඊයේ රෑ ඉඳලා ඒකත් වැඩි කරලා... අනේ මන්දා...!

:       0       2

Lalla Tuesday, 01 July 2025 10:55 AM

යාපනය කොළඹ දුම්රිය සේවය පාවිච්චියට ගන්න බැරිද? ඉස්සර හිටිය මන්ත්‍රීලා නම් එකල තිබූ සාමාන්‍ය මගී දුම්රිය පාවිච්චියට ගත්තා නේද? දැන් ඉන්න මන්ත්‍රීලා ඊට වැඩිය කාර්ය බහුල ඇති...

:       0       3

සිල්වා Tuesday, 01 July 2025 11:41 AM

1971 වසරට පෙර මහජන සේවය සඳහා කැප වී සිටි විජයානන්ද දහනායක, ඊරියගොල්ල වැනි ඇමැතිවරු සහ තවත් බොහෝ පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණියේ දුම්රියෙන්. අප කුඩා කාලයේ එය දැක තිබෙනවා. නැවත එම ආදර්ශය පෙන්විය නොහැකිද?

:       0       4

රුවන් Tuesday, 01 July 2025 04:08 PM

ඇමරිකාව වගේ ජම්බෝ රටවල් ද මේවා මේවා හෙනම පොඩි රටවල්, ඉන්දියාවේ ඇමැතිලා දුම්රියෙන් එනවා අපේ අයට මාරම දේවල්? හැමදාම ඉන්දියාවට මඩ ගැහුව්වාට එහේ අය හොදයි බැලින්නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site