IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිසබේ ’’අනංගයන්’’ සොයන්න විශේෂ නිලදරුවෙක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර  ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ  හංස අබේරත්න මහතා  විධිමත් පරීක්ෂණයක් (Formal inquiry) ආරම්භ කළේය.

ඔහු මෙම විධිමත් පරීක්ෂණ ආරම්භ කළේ පාර්ලිමේන්තු මහලේකම්  නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මියගේ දැනුම්දීම අනුවය.

සිද්ධිය සම්බන්ධයෙන්  මූලික පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එහි ප්‍රධානීන් විසින්  පාර්ලිමේන්තු මහලේකම්වරියට පසුගියදා බාර දෙනු ලැබීය.

එම වාර්තාවෙන් හෙළිදරව්වී ඇති කරුණු පදනම් කරගෙන මෙම විධිමත් පරීක්ෂණය ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

සිද්ධිය පිළිබඳව මූලික පරීක්ෂණ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂිකා ( පරිපාලන) තච්චනා රාණි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල   කණ්ඩායමක් විසිනි. ඊට ඇතුළත්වූ අනෙක් සාමාජිකාවන් දෙදෙනාවූයේ  සහකාර අධ්‍යක්ෂිකා (පරිපාලන) ඉන්දිරා දිසානායක සහ හැන්සාඩ් සංස්කාරිකා  නයනි ලොකු කොඩිකාර යන  මහත්මීහු වෙති.

මෙම ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කෙරිණ.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ට චෝදනා පත්‍ර  බාරදී නිදහසට කරුණු විමසීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන්  කළ විමසුමකදී ඇය සඳහන් කළේ විධිමත් පරීක්ෂණයේ වාර්තාව ලැබුණු පසු එහි නිර්දේශ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පාර්ලිමේන්තුවේ මෙවැනි අශෝභන ක්‍රියා  ඉදිරියේදී වැලැක්වීමට  සියලු පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය.



අදහස් (3)

මැතිසබේ ’’අනංගයන්’’ සොයන්න විශේෂ නිලදරුවෙක්

Piyal weerasinghe Saturday, 30 September 2023 07:19 PM

මේ රටෙහි උත්තරීතර පාර්ලිමේන්තුවේ මෙවැනි ලිංගික හිංසනයට ලක්වෙනවා නම්... අනිත් ආයතන ගැන කවර කතාද?

:       0       0

Bamunuarachchi Sunday, 01 October 2023 12:53 AM

මැති සබේ අනංගයන් සොයන්න දාපු ගොයියා ෂුවර්ද?

:       0       0

fairoos Sunday, 01 October 2023 12:33 PM

මැති ඇමැතිවරුන්ගේ නම් නම් එළියට එන එකක් නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site