(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 9 වැනිදා පැවැත්වේ පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මේ අනුව ලබන 09 වැනි අඟහරුවාදා උදේ 09.30 සිට උදේ 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සදහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදය ගැනීමට නියමිතය.
අනතුරුව ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම සඳහා ඉදිරිපත් කෙරේ.
ඉන්පසු සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා ලබන 10 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) සදහා වෙන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබය 9 රැස්වෙයි