IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ වියදම් පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් කරලා

(ඩයනා උදයංගනී)

ඉතා ප්‍රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ පනතක් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඉතාමත්ම ප්‍රතිශීලි පනතක් වන මැතිවරණ වියදම් නියාමන පනත හදිසියේම පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරගැනීම ඉතාමත් නරක පූර්වාදර්ශයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මැතිවරණවලදී අපේක්ෂකයින්ගේ වියදම් සඳහා උපරිම සීමාවක් පැනවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීම වැදගත් පියවරක් වුවත්, එහි යටි අරමුණක් ලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය කල්දැමීමට රජය බලාපොරොත්තු වන්නේ නම් එය වරදක් බව මන්ත්‍රීවරයා කීවේය.

මෙය මෙවර පළාත් පාලන මැතිවරණයට නොව ඉදිරි මැතිවරණ වලට වලංගු විය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙනා යෝජනාව රජය පිළිනොගත් බව ද ඔහු පැවසීය.

මැතිවරණයට මුදල් නැති බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා උසාවියට දැනුම්දීම ද ඉතා නරක පූර්වාදර්ශයක් බවත්, ඉදිරියේදී මෙය ජනාධිපතිවරණයකට වුවත් කළ හැකි බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සීයට 90 ක විපක්ෂ බලයක් ගොඩ නැගිය යුතු බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ පස්ස දොරෙන් පාලනය කරන රාජපක්ෂලාට එය කිරීමට නොහැකි තත්වයක් ඇතිකළහොත් ජනාධිපතිවරයාට තවදුරටත් පොහොට්ටුවේ කිහිලිකරුවලින් යාමට නොලැබෙන අතර, විපක්ෂයට අනුව කටයුතු කිරීමට හෝ ධූරය හැරයාමට සිදුවනු ඇතැයි ද පැවසීය.



අදහස් (0)

මැතිවරණ වියදම් පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site