IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණ නැත්නම් ආධාරත් නෑ

(යොහාන් භාසුර)

රට තුළ මැතිවරණ නොපවත්වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් කිසිසේත් මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැකි බවත් අයවැය පරතරය පියවාගැනීමට අනිවාර්යෙන්ම අපනයන සහ ආයෝජන ඉහළ නැංවිය යුතු බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය.

ලබන වසරේ රජයේ වියදම දළ වශයෙන් ආදායමට වඩා තුන් ගුණකින් වැඩි වීම නිසා එම පරතරය පියවා ගැනීමට ණය නොගන්නේ නම් එනම් විදේශ විනියම ලබාගැනීමේ ක්‍රමය සොයාගත යුතු බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොල පිහිටි බටහිර යුරෝපයේ තීරු බදු සහනය වන ජී.එස්.පී. ප්ලස් වරප්‍රසාදය අති විශාල වාසියක් බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ජී.එස්.පී. ප්ලස් වරප්‍රසාදය අයිතිවාසිකම් හෝ පරිත්‍යාගයක් ලෙස නොව යම් යම් කොන්දේසිවලට යටත්ව ලැබෙන බව කියන මහාචාර්යවරයා සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු වියයුතු යන්න ප්‍රධාන කොන්දේසිය බවත්ය.

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයීය මට්ටමේ ගිවිසුම දත්ත අනාවරණය නොකළ ද එම දත්ත වෙනත් පුද්ගලයන් සතුව ඇති බව එවැනි තොරතුරු වෙනත් පුද්ගලයන් සතුවතිබීම ඉතාමත් භයානක මෙන්ම ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ආදායම අහිමිවන බවත් හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (5)

මැතිවරණ නැත්නම් ආධාරත් නෑ

fairoos Thursday, 10 November 2022 07:12 PM

රට මේ තත්වයට පත්කරපු පොහොට්ටුවේ සෙට් එකට නම් කිසිම සමාවක් නෑ...

:       1       4

saliya Thursday, 10 November 2022 07:14 PM

ණය දෙන්න ඡන්ද ඕනෑ​. ඡන්ද තියන්න සල්ලි ඕනෑ. සල්ලි ලැබෙන්න ණය ඕනෑ​. ඒකට සල්ලි නැහැ. ඡන්දෙට සල්ලි හොයමු...!

:       0       3

Saththaya Thursday, 10 November 2022 09:48 PM

දශක ගාණක් රටම උලාකන්න උදව් කරපු කෙනෙකු දැන් කතාකරයි. හිරිකිතම නැතුව අසව් ...අසව්.

:       0       6

Perera Friday, 11 November 2022 03:29 AM

මහාචාර්යතුමා විශ්‍රාම අරන් ගෙදර යන්න .තමුන්නැහෙත් රට අද වැටිලා තියෙන තත්වෙට වගකියන්න ඕන බව මතක තියාගන්න

:       1       5

සුරංග Friday, 11 November 2022 12:50 PM

සහතික ඇත්ත... මොකද උන්නැහේ තමයි රට කෑමට පොහොට්ටුව හැදුවේ... ඒකේ සභාපති වුණේ. ඉතින් අනුන්ගේ ඇහේ පොල් කෙන්ද අදින්න ඉස්සෙල්ලා තමුන්ගේ ඇහේ තියෙන පරාලය ඉවත්කර ගන්න කියලා මතක් කරනවා මහාචාර්යතුමා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site