IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මැතිවරණ ක්‍රමයේ වෙනසකුත් ඕනෑ‘

 ‘19 සම්මත කර ගන්න පුළුවන් වුණේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නිසා. ඒ නිසා මම හැමදාම කිව්වා වගේ තැටිය රත්වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න ඕනෑ. ඒ නිසා මේ එක්කම මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වැනි සංශෝධනයත් අපි සම්මත කර ගන්න ඕනෑ. ඒ රොටියත් පුච්චගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා. ‘ යයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරියේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ කොට්ටේ නාගවිහාරයේ පැවැති මාධ්‍ය හමුවක දී පැවසූහ.

19 වැනි ව්‍යවස්ථාව සම්මත වීම මුළු මහත් රටේම අති විශාල ජයග්‍රහණයක් බව කී  මාදුළුවාවේ සෝභිත හිමියෝ එය සම්මත කර ගැනීමට දායක වූ සැමටම අද පුණ්‍යානුමෝදනා කළහ.

RDS_5544 RDS_5550 RDS_5570

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

‘මැතිවරණ ක්‍රමයේ වෙනසකුත් ඕනෑ‘

පිවිතුරු යහපාල Thursday, 30 April 2015 04:28 PM

අපි නම් කැමති එදා හිටපු සිංහලයා වෙනුවෙන් හඩ නඟපු, රට දැය වෙනුවෙන් අභීතව පෙරමුණගත් ඒ සෝභිත හාමුදුරුවන්ට (නි)

:       0       0

කරුණාරත්න Thursday, 30 April 2015 04:34 PM

මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

නදීකා Thursday, 30 April 2015 04:47 PM

ඔබ වහන්සේට අප සදා ණයගැතිය (නි)

:       0       0

ඇසළ Thursday, 30 April 2015 04:55 PM

මේ සියල්ල කරන අතරේ ඔබවහන්සේ රටත් සිංහල ජාතියත් බේරාගන්න සිත යොමු කරන්න. මේ ගමන යන විදියට ගියොත් අනාගතයේ සිංහල ජාතියත්, බුදු දහමත් ශ්‍රී ලංකාව කියන රටත් ඉතිරිවෙන්නේ නැහැ. (නි)

:       0       0

මසුහුඩ් Thursday, 30 April 2015 05:28 PM

සාධාරණ සමාජයක් ගොඩනැඟීමට නායකත්වයක් දීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ! (නි)

:       0       0

තමර Thursday, 30 April 2015 06:37 PM

ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 01 May 2015 11:43 AM

සෝභිත හාමුදුරුවන්ට කළ සහ කරමින් සිටින දේ තේරුම් යනවිට මේ රට විනාශ වී හමාර වන්නටද පුළුවන (නි)

:       0       0

රේණුකා Friday, 01 May 2015 11:47 AM

ඕනෑතරම් රොටි පුච්චාගෙන කාපුදෙන්. අතත් පුච්චාගත්තදෙන්. හැබැයි රට විනාශ කරන්නට දෙන්න බැහැ කාටවත් (නි)

:       0       0

නෙල්සන් දැරනියගල Thursday, 30 April 2015 08:35 PM

මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ විජයග්‍රහණය සඳහා ඔබ වහන්සේ දුන් විශිෂ්ට නායකත්වයට අපි ඔබ වහන්සේට පින් දෙමු. සාදු, සාදු, සාදු!!! (නි)

:       0       0

අජිත් Thursday, 30 April 2015 09:04 PM

කාලයේ තාලයට සියල්ල වෙනස් වියයුතුයි (නි)

:       0       0

රිතික් Friday, 01 May 2015 12:48 PM

ඕකත් අහන්න දෙයක්ද සොපී? (නි)

:       0       0

කරුණාදාස Friday, 01 May 2015 12:58 AM

ඔබ සැබවින්ම රට වෙනුවෙන් හඬක් නඟා, යමක් රටට කරදුන් ස්වාමීන් වහන්සේ නමක්. ඔබට දීර්ඝායු! (නි)

:       0       0

ශ්‍යාමිලා Friday, 01 May 2015 01:04 AM

ඇත්තෙන්ම උන්වහන්සේ සාධාරණ උතුම් ගුණ ඇති ප්‍රබුද්ධ ස්වාමින් වහන්සේ නමක්. මම කිතුණුවෙක්. එත් උන්වහන්සේ අගයනවා ! (නි)

:       0       0

සුමුදු හේවා Friday, 01 May 2015 04:47 PM

මං කිව්වේ දුමින්ද රොටි බාස්ලා වෙනුවෙන් මහින්ද හාමුදුරුවන්ගේ කවි පාවිච්චි කරලා ඒ උතුම් ජාතික වීර හිමියන්ට අපහාස කරන්න එපා කියලයි. (බ)

:       0       0

සුමුදු හේවා Friday, 01 May 2015 04:50 PM

අපොයි පිවිතුරු යහපාල, ඔබ ඇලුම් කළ ඒ සෝභිත හිමියෝ දැන් නෑ වගේ (බ)

:       0       0

දුමින්ද Friday, 01 May 2015 01:45 AM

ජාතිය මිණි කිරුළක් වේ -ආගම මිණි පහනක් වේ -එය රැකගතහොත් මෙලොවේ -සමත් වෙතොත් බුදු පුත නුඹ වේ (නි)

:       0       0

ඉදුනිල් Thursday, 30 April 2015 01:07 PM

19 කොත්තුරෝටියක් උනත් -ගමනක ඇරඹුමක් (ම)

:       0       0

තමර Friday, 01 May 2015 02:26 AM

ඉදිරි ගමනට සුබ පැතුම්! (නි)

:       0       0

කවින්ද Friday, 01 May 2015 02:28 AM

ඔබවහන්සේ තමයි දැන් අපේ බලාපොරොත්තුව (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 30 April 2015 02:11 PM

ගරු ස්වාමින් වහන්ස, සිංහලයාගේ අනාගතය ගැන අති පුජ්‍ය මඩිහේ මහා ආ හිමි සහ පුජ්‍ය සෝම හිමි පැවසු දෙය අද ක්‍රමයෙන් සිදුවෙනවා. එබැවින් ඔබ වහන්සේ එදා ඉන්දු ලංකා ගිවිසුම ට විරුද්දව දේසන කරද්දී කියපු දේත් අමතක නොකර සිංහලයාගේ අනාගතය ගැනත් සිතන්න. (බ)

:       0       0

රත්නා දිවාකර Friday, 01 May 2015 03:05 AM

අසාධාරණය කොතනත් රජකරන මෙවන් සමාජයක "සාධාරණ සමාජයක් සඳහා.." යනුවෙන් සංවිධානයක් බිහිවීම අගය කළයුතු වුවත් මේකත් තම සිත්ගත් දේශපාලකයින්ගේ ක්‍රියාවන්ට ඌනපුරණ එකක් වීම නම් යෝග්‍ය නොවන්නේය. (නි)

:       0       0

සුමුදු හේවා Friday, 01 May 2015 05:30 AM

දුමින්ද, පිට රටක උපන්නත් එස් මහින්ද හාමුදුරුවෝ අපේ රටට සැබවින්ම ඇලුම් කළ උතුම් හිමි නමක් ඒ උතුම් ජාතික වීර හිමියන්ට අපහාස කරන්න එපා. (ම)

:       0       0

සුමුදු හේවා Friday, 01 May 2015 05:49 AM

ඉඳුනිල්, කොත්තු රොටිය යනු අපේ දිව රවටා අපට නෙක රෝ දුක් ගෙනෙන සකල විධ විෂ බීජ වලින් ද සිරුරට විසැති ට්‍රාන්ස් ෆැට් වලින් ද දුෂ්පෝෂණය ගෙනෙන හිස් කැලරි වලින්ද පිරුණු විසැති කෑමකි. අපේ මිනීවළ වෙත දිවෙන කඩිනම් ගමනකට කොත්තු රොටියෙන් මුල පිරෙන හෙයින් ඔබේ උපමාව කදිමට ගැලපෙයි. (බ)

:       0       0

සිල්වා Thursday, 30 April 2015 03:29 PM

රාජපක්ෂ රෙජීමය ගෙදර යැවිමට ඔබවහන්සේ එඩිතරව ඉදිරියට ඇවිත් දැමු අඩිතාලම අනිත් නායකයෝ එක්සත්ව වේදිකාව තැනුවේය , ඔබ වහන්සේට අප සදා ණය ගැතිය (බ)

:       0       0

සොපී Friday, 01 May 2015 06:37 AM

බැරිවෙලාවත් රට අස්ථාවර වෙලා නැති ප්‍රශ්න ඇති වුනොත් ඔබවහන්සේ මොකද කරන්නේ (බ)

:       0       0

ගාමිණී Thursday, 30 April 2015 03:49 PM

මේ ජයග්‍රහණයේදී ඔබ වහන්සේ දුන් නායකත්වය අති විශිෂ්ටයි. කිසිම දේශපාලකයෙක් මේ විධායකයට අභියෝග නොකර නිහඬව උන් වෙලේ ජනතාවට නායකත්වය දුන් ඔබ කළ මෙහෙවර ඇගයීම ජාතියේම යුතුකමකි. (බ)

:       0       0

අෑන් Thursday, 30 April 2015 04:01 PM

'සිංහලයාගේ අනාගතය' ගැන පාලනයට එන නායකයන්ට අමතක වී, තම පවුලේ සහ හිත මිතුරන්ගේ අනාගතය ගැන සිතීම සිංහලයාට වී ඇති ශාපයයි. සිංහල පාලකයන්ගේ අඥාන පාලනය නිසා සිංහලයා පමණක් නොව අ‍නික් ජාතීන්ද නිදහසෙන් පසු විඳවා ඇත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site