IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘මැතිවරණ කොමසාරිස්ට කියන්න“

රට පුරා සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳ ක්ෂණයකින් මැතිවරණ කොමසාරිස් වරයා දැනුම්වත් කළ හැකි ආකාරයේ කොමසාරිස්ට කියන්න අර්ථය ඇති "ටෙල් කමිෂනර්" නමින් ෆේස් බුක් පිටුවක් නිර්මාණය කැර ඇත. වර්තමානයේ සමාජ ජාල වෙබ් අඩවි වඩාත් ජනප්‍රිය වීමත් එවැනි වෙබ් අඩවි ඔස්සේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඉතා වේගවත්ව ජනතාව අතර හුවමාරු වීමත් සිදුවේ. මැතිවරණ කාලයේ දී සිදුවන නීති කඩකිරීම් ඉතා ඉක්මණින් මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කිරීමටත් නීති රීති හා මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ ඡන්දදායකයන් දැනුම්වත් කිරීමටත් මෙම ෆේස්බුක් පිටුව මහත් රුකුලක් වනු ඇතැයි මැතිවරණ කාර්යාල නිලධාරීන් පවසයි. මෙම පිටුවවෙත පිවිස මැතිවරණය සම්බන්ධයෙන් තමන් අසන දකින ඕනෑම දෙයක් සටහන් කිරීමට ෆේස්බුක් භාවිතා කරන්නන්ට අවස්ථාව ලැබෙයි.

එහි සබැඳිය පහතින් දක්වා ඇත

https://www.facebook.com/groups/tellcommissioner/?fref=ts

 



අදහස් (0)

‘‘මැතිවරණ කොමසාරිස්ට කියන්න“

කැනඩා දිසා Thursday, 16 July 2015 12:44 AM

ස්තුතියි මැකෝ! (නි)

:       0       0

දුමින්ද Thursday, 16 July 2015 07:49 AM

අගමැති රැක ගැනීමට ගෙනා ඡන්දේ නිසා දරුවන්ගේ විභෘගය අඩාල වීමට ඉඩ නොදෙන්න (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 16 July 2015 05:00 AM

ප්‍රතිචාරනම් නිමක් නැතිව ගලා එයි මේ හරහා.නමුත් මේවා බලලා තීන්දු තීරණ ගන්නවානම් වඩාත් අගේ කොට සලකනවා.(ම)

:       0       0

බන්දුල රණතුංග Wednesday, 15 July 2015 03:57 PM

මෙපමණ කලක් ඡන්ද දායකයන් හැටියට අපිට තිබුනේ 'දත්මිටි කකා' ඉවසගෙන ඉන්න. මැකෝගේ මේ ප්‍රගතිශීලී පියවරෙන් දේශපාලඥයින් අපගේ අයිතිවාසිකම් උදුරා ගනිමින් අවනීතියේ හැසිරෙද්දී අඩුම ගානේ කොමසාරිස්තුමා හරහා රටට කියන්න පුළුවන්නේ.

:       0       0

භක්ති Thursday, 16 July 2015 08:36 AM

මතකද එක කාලයක් පහුගිය රජය ෆේස්බුක් තහනම් කරන්න හැදුවා? පව් අනේ (නදී)

:       0       0

නිශාඩ් ප්‍රීනා Thursday, 16 July 2015 03:21 AM

සදාචාරය ගරු කරන යහපත් පුරවැසියන් සියල්ලම මෙය අගේ කරාවි. නමුත් සමාජයේ තව කොටසක් ඉන්නවා කිසිම සදාචාරයක් නැති, ඔවුන් " මැකෝ අපේ වැඩපිළිවෙලවල් ඔක්කොම කෑව යකෝ " කියල කියාවි.(ස)

:       0       0

ෆෙරෝස් Thursday, 16 July 2015 03:35 AM

මගේ ජීවිතේටම දුටු කොන්ද පනතියන රාජ්‍ය නිලධාරියා. ඔබට උපහාරය. (ස)

:       0       0

නයන Wednesday, 15 July 2015 10:32 PM

උගත් මැතිවරණ කොමසරි ගේ වැදගත් අදහසක්.ගොඩක් සතුටුයි මේ ගැන (ස)

:       0       0

නුවන් Thursday, 16 July 2015 04:02 AM

කරුණා කරල කියන්නකො මේ පාර ඡන්දයට දින නියම කළේ කවුද ජාතික විභාගයක් තියන දිනවල. මට නම් මතක කාලෙක මෙහෙම මෝඩ වැඩක් වෙලාම නෑ. මෙතුමා පසුගිය ජනාදිපතිවරණ තීරණයෙදි කියපුවා මතකද ? (නදී)

:       0       0

ජයන්ත ජයසුන්දර Thursday, 16 July 2015 12:04 AM

මැකෝට ස්තූතියි. ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site