(අජන්ත කුමාර අගලකඩ)
මුදල් නොමැතිවීම හේතුවෙන්, පළාත් පාලන මැතිවරණය පොරොන්දු වූ පරිදි ලබන මස නවවැනි දා පැවැත්වීමට නොහැකි වන බව මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් මේ සතියේ දී දැනුම් දෙනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය ලබන මස 9 වැනිදා ස්ථිරවම පවත්වන වන බව, පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට ,මැතිවරණය කොමිෂන් සභාව සභාවට නියෝග කරන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.
එම පොරොන්දුව මත,එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉවත් කර ගැනීමට රංජිත් මද්දුම බණ්ඩාර , මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවෝ පියවර ගත්හ.
ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව අනුව, මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වන බැවින්,මෙම මෝසම ඉදිරිපත් කරනු ඇතැයි කොම්ෂන් සභා ආරංචිමාර්ග සදහන් කරයි
පළාත් පාලන මැතිවරණය ලබන මස 09 වැනිදා පවත්වන බව ට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙර දැනුම් දුන් අතර,ඒ අනුව තැපැල් ඡන්දය මේ මස 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබිණි.
එහෙත් මුදල් නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති අතර, තැපැල් ඡන්දය ද නියමිත පරිදි පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.
මුදල් නොමැතිවීම හේතුවෙන් මැතිවරණය ලබන මස් 09වැනිදා පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ,පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ කොමිසම නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට