IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිවරණය පවත්වනවා නම් මනාප අංක දීමට පෙර විමසන්න

(විනීතා එම් ගමගේ) 

මහ මැතිවරණය පවත්වන්නේ නම් මනාප අංක ලබාදීමට පෙර මැතිවරණය පැවැත්විය හැකිදැයි සෞඛ්‍ය අංශවලින් විමසීමක් කරන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරයි. 

එසේ නොවුනහොත් මැතිවරණයට ඉදිරිපත් වන 7,400 කට ආසන්නන පිරිස අංක ලබා ගැනීමත් සමඟ පවතින තත්ත්වය අමතක කිරීමේ ඉඩකඩක් ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

ඡන්දය පැවැත්වෙන දිනය වන විටත් මේ සෞඛ්‍යමය ප්‍රශ්න පැවැතියහොත් කරන්නේ කුමක්දැයි යන්න ගැන පැහැදිලි අදහසක් තිබිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඡන්ද පොලකදී හැඳුනුම්පත් පරික්ෂාව ඡන්දය සලකුණු කල බවට ඇඟිලි සටහන් කිරීම ඇතුළු කටයුතු මෙන්ම පරතරය තබාගෙන ඡන්ද සලකුණු කිරීමද කළ හැකි වැඩපිළිවෙළක් තිබියයුතු යැයි   ඔහු සඳහන් කළේය.

මැයි මස මුල් සතියේ සමාලෝචනයක් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇති බවත් එසේ වුවත් මනාප අංක ලබාදීමට පෙර එම සමාලෝචනය සිදු කළ යුතු බවත් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය. 

 



අදහස් (6)

මැතිවරණය පවත්වනවා නම් මනාප අංක දීමට පෙර විමසන්න

Dayan Thursday, 23 April 2020 11:37 AM

මේක නම් හරියට හරි. මනාප අංක දුන්න ගමන් අපේක්ෂකයෝ පිස්සු හැදිලා වගේ රට පුරා දුවනවා. කොරෝනට නවත්තන නොහැකියි. අන්තිමේ රටේ මනුෂ්‍යන්ට තමයි දුක් විදින්න වෙන්නේ.

:       0       56

pradeepa Thursday, 23 April 2020 11:51 AM

මෙවර ඡන්දය දෙන්න යනකොට මිනි පෙට්ටියකුත් ඇනවුම් කරලා යන්න. ලොකු ගානක් ගෙවන්න එපා මොකද ගෙදර මිනිය ගෙනියන්නත් බැහැනේ

:       0       48

de silva Thursday, 23 April 2020 12:16 PM

දිනපතා කොරෝනා රෝගීන් 10-15 ලංකාවේ හමු වෙනවා , ඔක්කොම දැනට 350 විතර සුව වෙලා තිබෙන්නේ 100 කට ටිකක් වැඩි පිරිසක් , 7 මැරිලා. මැතිවරණ පවත්වන දින ගැන කතාකරන්න වෙන්නේ අලුතෙන් රෝගීන් හමුවන එක අඩුම තරමේ සතියකටවත් නැවතිලා. ප්‍රතිකාර ලබන පිරිස 100 කට අඩු ප්‍රමාණයක් වෙලා. රටේ ඇදිරිනීතිය සම්පුර්ණයෙන් ඉවත් කළ දිනක තත්වය මෙසේ තිබෙන විට ජුනි හෝ ජුලි මාසේ මැතිවරණ පවත්වනවා කියලා කියන එක විහිළුවකි. එක මාලු කාරයෙකුට ලෙඩ්ඩු 10 කට විතර බෝ කරන්න පුලුවන්නම් මැතිවරණයකදී වෙන සිද්ධිය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වෛද්‍ය සංවිධානය මේ ගැන වගකීමක් අරන් පැහැදිලි පිළිතුරක් දෙන්න ඕනේ.

:       0       59

jayantha Thursday, 23 April 2020 02:42 PM

මෙහෙම 10-15 මතුවෙනකොට චන්ද තියන්නේ කොහොමද? පාර්ලිමෙන්තුව කැදවලා බහුතරය තියන සජිත් පුතාට අගමැතිකම දීලා ආණ්ඩුව බාරදෙන්න තියෙන්නේ නේද?

:       0       0

ධම්ම Thursday, 23 April 2020 02:46 PM

මාරාන්තික රෝග අවදානමක් තියාගෙන මොන මෝඩයාද ඡන්දේ දෙන්න යන්නේ?

:       0       0

de silva Friday, 24 April 2020 02:08 AM

අන්න එකවර රාජකාරි කරන නාවික නිලධාරියෝ 30 කට කොරෝන හැදිලා , මගේ කලින් ගණන් බැලීම නිවැරදි කරන්න ඕනේ , මෙම නිලධාරීන් නිතරම අනෙකුත් ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ පොදු ජනතාව සමග සම්බන්ධතා පවත්වන පුද්ගලයන් ,මෙම තත්වය මත ලබන සතිය අවසාන වනවිට ශ්‍රී ලංකාවේ කොරෝන රෝගියෝ 1000 පනින බවට අනුමාන කරන්න පුළුවන් . එහෙම වුනොත් ලබන මාසේ මැතිවරණයක් තිබුනොත් ඉන් පසුව සති 2-3 ඇතුලත් ලංකාවේ කොරෝන රෝගියෝ ලක්ෂයක් පනින්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14031 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site