IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැතිවරණයට අදහස් දෙන්න ජනවාරි 15 දක්වා කල්දෙයි

(යොහාන් භාසුර)

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා මහජන අදහස් ඉදිරිපත් කිරීමේ කාලය ලබන ජනවාරි මස 15 වැනිදා දක්වා දීර්ඝ කළ බව මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මහජනයාට, දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ මැතිවරණ නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ලිඛිතව ලබන ජනවාරි මස 15 වැනිදා හෝ ඊට පෙර [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව, අංක 21, SEMA     ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 1 (මැතිවරණ සංශෝධන) යන ලිපියට හෝ යොමු කළ යුතුය.

මහජන අදහස් ඉදිරිපත් කිරීම මේ මස 15 වැනිදා අවසන් කිරීමට එම කොමිෂන් සභාව මීට පෙර තීරණය කර තිබුණි.  



අදහස් (1)

මැතිවරණයට අදහස් දෙන්න ජනවාරි 15 දක්වා කල්දෙයි

Deepal Nirosh Tuesday, 19 December 2023 07:48 PM

මේ අවස්ථාවේ කිසිදු මැතිවරණ නීති සංශෝධනයක් අවශ්‍ය නැහැ, එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට වත්මන් පාර්ලිමේන්තු සංයුතිය කොහෙත්ම සුදුසු නැහැ. 2024ට නියමිත ජනාධිපතිවරණය නියමිත කාලයේත් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය නියමිත අවස්ථාවේත් පවතින ව්‍යවස්ථාව යටතේම පවත්වන ලෙසයි රටේ මුළු මහත් ජනතාවගේ ඉල්ලීම. මේ බව දැනටමත් කොමිසමට දන්වලයි තිබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site