(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුව තුළත් පිටතත් අධිකරණයේත් ජාත්‍යන්තරයටත් ගොස් මැතිවරණ අයිතිය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර බණ්ඩාර මහතා කොලඹදී පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය ලෙස සමගි ජන බලවේගය නායකත්වය දී සියලු දෙනාම පොදු වේදිකාවකට ගෙන මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගය මහලේකම්වරයා මෙසේද කීවේය.
"අද මේ රටේ ආර්ථිකය විනාස කරපු කණ්ඩායමත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන පළාත්පාලන මැතිවරණය කල් දාන්න හදනවා. දැනටමත් පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් දාලා තියෙන්නේ.මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 20 ඉදල මැතිවරණ පැවැත්වීමේ බලය ලැබිලා තියෙනවා. එසේ තිබියදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු 4000ක් දක්වා අඩු කරල මැතිවරණය පවත්වනවා කියලා. ඒ කියන්නේ මැතිවරණය කල් දැමීමේ තිත්ත බෙහෙත් ගුලිය මන්ත්‍රීවරු අඩු කරනවා කියලා පැණි රස තවරලා ගිල්ලන්න යනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න යන්නේ.
එතුමා ජනාධිපති පදවිය භාර ගන්න ඡන්ද 134ක් ගන්නකොට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට දුන්න පොරොන්දුව තමයි මැතිවරණය පවත් වන්නේ නැහැ කියලා. අද රටේ ජනතාව ආණ්ඩුව සහ මන්ත්‍රී වරුන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. 2020 තිබුණ ජනමතය ආණ්ඩුවට නැහැ. එහෙනම් රටේ ජනතාවගේ මතය රජාතන්ත්‍රවාදී අයිතිය නැවත විමසා බැලිය යුතුයි. ඉතිහාසයේ මීට පෙර මැතිවරණ කල් දාලා ජනතාව ඒකට පාඩම් උගන්නලා තියෙනවා.
නියමිත දිනට මැතිවරණ පවත්වන්න අපිට පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියලා විරුද්ධ පක්ෂයේ සියළුම පක්ෂ එකතු වෙලා තීරණයක් ගත්තා. පාර්ලිමේන්තුව ඇතුළෙත් පිටතත් අධිකරණයේත් ජාත්‍යන්තරයටත් ගිහින් මැතිවරණ අයිතිය ආරක්ෂා කරගන්න අවශ්‍ය පියවර ගන්න තීරණය කරලා තියෙනවා. ඒ සඳහා සමගි ජන බලවේගය විපක්ෂයේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහය විදිහට එයට නායකත්වය දී සියලු දෙනාම පොදු වේදිකාවකට ගෙන්න දැනට තීරණය කරන හමාරයි.
සමගි ජන බලවේගය මෙහෙයුම ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයක් සඳහා අධිකරණයේ සහ ජාත්‍යන්තර පිහිට පතනවා
Gamunu Friday, 14 October 2022 05:30 PM
පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ 225ම ප්‍රතික්ෂේප කරමින් රටේ පුරවැසියන් දේශපාලන වෙනසක් ඉල්ලා සිටිනා අවස්ථාවක මැතිවරණයක් පැවැත් වුවහොත් අති බහුතරයක් දැනට පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත්‍රීවරුන්ගෙන් 90%ක් නැවත පාර්ලිමේන්තුවට පත් නොකරනු ඇත...
Sriyan Lanka Friday, 14 October 2022 09:49 PM
ඔබතුමා ඇතුළු පක්ෂ සාමාජිකයින් බලයේ සිටින කාලයේදී දැඩි මැතිවරණ භීතිකාවකින් පෙළුණු බව ඔබ කාටත් දැන් අමතක වී ඇති හැඩයි...!!!
වැඩපරක්කු Saturday, 15 October 2022 08:49 AM
ඇත්තටම මොකටද පළාත් පාලන ආයතන සදහා නියෝජිතයන් අටදාහක් ඒක අවශ්‍ය නම් පළාත් සභා අහෝසි කරන්න ඕන ඒ නිසා ඉක්මන් කරල පළාත් පාලන ආයතන චන්ද විමසීමේ පනත සංශෝධනය කරවන්න අවශ්‍යතාව ඇත්නම් ඒකට කෙටි කාලයක් හොදටම ඇති .ඕන කමින් කරනවා නම් පනත සංශෝධනය කර මාර්තුවේ චන්දය තියන්න පුළුවන් ජනාධිපති වෙලාවක කියනවා සුදුසු මැතිවරණය ක්‍රමයක් හදන්න කමිටුවට බැරිවුනොත් ජනමතයක් පවත්වනවා කියලා .ඉක්මනින් එම කමිටුව පත්කරන්න කියලා උද්ඝෝෂණයක් කරන්න එහෙම නැතුව නිකරුණේ ඔහොම කියවලා වැඩක් නැහැ
චින්තක Saturday, 15 October 2022 09:28 AM
මැතිවරණයක් තියලා මේ වෙලාවේ කවුරු බලයට ආවත් ජනතාව මේ වැටිලා ඉන්න තැනින් ගොඩ ගනී කියල කාටද කියන්න පුළුවන්. මේ මිනිහා බලන්නේ මොන ක්‍රමයෙන් හරි බලයට එන්න මිසක් වෙන දෙයකට නොවේ.
සුරංග Saturday, 15 October 2022 04:30 PM
සහතික ඇත්ත...!!!