IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


මාතලේ සජබ සංවිධායක තුනක් ඉල්ලා අස්වෙති

(කාංචනකුමාර ආරියදාස)

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනකු  ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රත්තොට සජබ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසයි.

ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අළුවිහාරේ යන තිදෙනා  සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

පළාත් පාලන ආයතනවලට තේරි පත් වූ සභිගයන් නම් කිරීමේදී ප්‍රදේශයේ දේශපාලන අධිකාරයට අහිමි කර එය පක්ෂ මූලස්ථානය විසින් සිදු කිරීමට යාම මෙම ගැටළුවට මුල්වී ඇති බවට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින්  ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බව ද රජිත් අළුවිහාරේ මහතා සඳහන් කළේය.

 



අදහස් (18)

මාතලේ සජබ සංවිධායක තුනක් ඉල්ලා අස්වෙති

සෙනෙවිරත්න Saturday, 24 May 2025 08:56 AM

ඔන්න සජබෙ හෝදාපාලුව ඇරඹුණා, දැන් තමයි සජබෙ නියම ස්වරූපය හෙළිවෙන්නේ. බලය ලබාගන්න නොගැලපෙන දීග යන්න හැදුවාට ඒවාට එරෙහිවන අයත් ඉන්න බව දැනගත යුතුයි. ඊයේ අර මන්ත්‍රී තුෂාර අස්වුණා. සභාවල බලය ඇල්ලීම හීනයක් වගේම ඇල්ලුවත් ඒවා රැකගැනීම දුෂ්කරයි. ඒක නිසා ගමේ ජනතාවට ඔය කුණු ජරාජීර්ණ ප්‍රතිපත්ති පටවලා ඒ අයගේ සංවර්ධනයට අකුල් හෙලන්න එපා.

:       3       10

කවි Saturday, 24 May 2025 05:16 PM

මේ අය යන එක පක්ෂයට ගොඩාක් හොඳයි. එළවන්න ඕනෙ...

:       0       2

ටයරසෑපුත්‍ර Saturday, 24 May 2025 09:19 AM

සජිත් ඇවිල්ලා ජපන් භාෂාව දාලා ඕක නවත්තනවා. නවත්තලා සජබ කොහොමහරි හැමදාම විපක්ෂයේ තියාගන්නවා.

:       3       21

රනේ Saturday, 24 May 2025 09:53 AM

සමගිය බලය වේ!

:       1       12

sathyapala Saturday, 24 May 2025 09:58 AM

චම්පික විජේරත්න කියන්නේ හොඳ සුන්දර මනුස්සයෙක්...

:       2       8

විජයවර්ධන Saturday, 24 May 2025 12:04 PM

ඔව් ඔබ හරි ලීක්‍ වීඩියෝ පටයකුත්‍ ඵළියට ආවේ. කියලා වැඩක්‍ නැහැ. තාත්‍තලා පූතාලා අවුරුදු 40 වීතර පාලිමේන්‍තුවේ හිටියා... කරලා තියෙන හරිය පේනවා ටවුමට ගියාම. මොවුන්‍ ඔක්‍කොම හොරු...

:       0       15

Saman Dissanayake Saturday, 24 May 2025 05:14 PM

අනේ ඔව් ඒ ගැන නම් කියලා වැඩක් නෑ. වසර 30 දැන් දේශපාලන කරනවා. කරපු දෙයක් නෑ..

:       0       6

Bimal Rathnayake Saturday, 24 May 2025 10:25 AM

ගිලෙන නැවෙන් මීයො පනිති...!

:       3       13

ජයම්පති Saturday, 24 May 2025 11:47 AM

අලුවිහාරේලා විතරද ඉන්නේ මාතලේ හදන්න? හොයලා බලන්න ෂුවර් එකටම ඉල්ලන දේවල් ලැබෙන්න නැතුව ඇති. එයාලා හෙට ඉඳලා යූඑන්පී...

:       0       7

ලයන් Saturday, 24 May 2025 11:51 AM

කවිරත්න කෙල්ල මොනවාද කියන්නේ කියලා බලමු...

:       0       8

බටලන්දේ ප්‍රේමලතා Saturday, 24 May 2025 01:14 PM

තාත්තාගේ එකවුන්ට් එකේ ඒවා JVP එකට දාලා පාර්ලිමේන්තුවේ මරලතෝනි දෙයි...

:       2       9

ජයනාත් Saturday, 24 May 2025 12:30 PM

ඊළඟට ජනාධිපති වෙන්න ඉන්නේ සජිත් ලු නේද..?

:       1       7

sakura Saturday, 24 May 2025 01:45 PM

දැන් ඉතින් අසු වුණු අයගේ වැරැදි එක දිගට වමාරනු ඇත.

:       0       3

චන්දිම Saturday, 24 May 2025 01:45 PM

මේ තුන්දෙනාගෙන් අලුවිහාරේ දෙන්නාම වැඩක් නෑ. ඒ දෙන්නාටම පහුගිය කිසිම ඡන්දෙකින් දිනන්න බැරි වුණා.. පක්ශයට දෙයක් කරන්නත් බැරි වුණා. මේ දෙන්නාම අවුට් ඩේටඩ්. අලුත් දෙන්නෙකුට අවස්ථාව දුන්නොත් එයාලාත් දිනලා... පක්ෂයත් දිනවයි.

:       0       5

Nihal Dharmatileke Saturday, 24 May 2025 04:46 PM

අවුරුදු 5 කට වචන පමණයි.

:       0       1

Saman Dissanayake Saturday, 24 May 2025 05:10 PM

මොවුන් යන එක ගොඩාක් හොඳයි. අලුවිහාරේලා ඉන්නේ 1977 සිට. මාතලේට කරපු දෙයක් නෑ. මෙයා හොඳ අයට එන්න දෙන්නේ නෑ. මේ අය ඉගෙන ගෙනත් මේ අය හිතන්නේ මේ අය නැතුව කරන්න බැහැ කියලා. එලවලා දාන්න ඕනෑ..

:       0       2

ගමේ එකාලා Saturday, 24 May 2025 05:24 PM

අලුවිහාරේලා ගැන කියලා වැඩක් නැහැ. දේශපාලනෙන් බඩ වඩා ගත්තු අය. ළාමක ටින් ටින් එක්ක ගිහින් වැඩක් නැහැ කියලා තේරීලා වගේ...!

:       0       5

sana Sunday, 25 May 2025 05:25 PM

ඔය උද්දච්ච සජියා පස්සේ යන්නේ අමු මෝඩයෝ... මෝඩකම නොතිබුණා නම් අද ඕක අගමැති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site