IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාතලේ මිනී වළට ජනපති කොමිසමක්

මිනිස් සිරුරු 154 ක කොටස් සහ හිස් කබල් 81 හමුවී ඇති මාතලේ සමූහ මිනී වල පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ජනාධිපති කොමසමක් පත්කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ මේ මිනී වළෙන් හමුවූ පුද්ගලයන් වදදී  කපා කොටා මරා දමා ඇතැයි ද එය 88-89 කාලයට අයත්විය හැකියැයි ද පැවසේ. මේ මිනී වළේ තම සාමාජිකයන් ඇතිබව සැකයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි



අදහස් (0)

මාතලේ මිනී වළට ජනපති කොමිසමක්

සෙන්තිල් Sunday, 07 April 2013 11:04 PM

මේක අනවශ්‍ය දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

වීරසේකරගේ Sunday, 07 April 2013 02:32 PM

චින්තනේ මාධ්‍ය සංදර්ශන.(නදී)

:       0       0

සම්පත් Monday, 08 April 2013 09:00 AM

මේ තියෙන්නේ වැඩ කිඩ. ජයවේවා!(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 08 April 2013 09:01 AM

දැන් මෙන්න මෙහෙමයි ඕක වෙන්නෙ. ජනපති කොමිසම අවුරුදු 5 යි. වියදම රු ලක්‍ෂ 500. නිගමනය - අපරාධයක් සිදු වී ඇත. පොලිසිය වැඩිදුර පරීක්‍ෂාකර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ වන විට වැදගත් සාක්කි වශයෙන් ගත හැකි භාණ්ඩ මෙන්ම බොහොමයක් සාක්කි කරුවන්ද සොයාගත නොහැක. පොලිසිය: සැකයෙන් තොරව ඔප්පු කිරීමට සාක්‍ෂි නොමැති බැවින් මෙය තවදුරටත් පරීක්‍ෂා කළ නොහැක. (නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 07 April 2013 10:58 AM

කතාව ඇත්ත වෙන්න පුළුවන්. එදා රට හැමතැනම සමූහ මිනීවලවල් තිබුනා. (නදී)

:       0       0

රාජු Sunday, 07 April 2013 08:48 PM

ඇයි මේකට කොමිසමක්? මෙය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විසින් කළ යුතු රාජකාරියක්. මේකට කොමිසමක් පත් කරනව කියන්නෙ ‘ නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් හෙවීම‘ වගේ කතාවක්!(නදී)

:       0       0

දයා Sunday, 07 April 2013 12:15 PM

එදා මෙහි සිටි හමුදා ලොක්කෝ හිටපු හැම තැනකම මේ වගේ මිනි වලවල් තියනවා .(නදී)

:       0       0

සරත් Sunday, 07 April 2013 09:22 PM

හැම දේටම කොමිසන් නම් දානවා ප්‍රතිපල තාම නැත්තේ මොකද ඒකට හේතුව. දේශපාලනය කොහේ කොනක ඉන්නවා.(නදී)

:       0       0

පුෂ්පා Monday, 08 April 2013 04:44 PM

මේ කුණු කන්ද අවුස්සන්න හැමෝම බයයි. මොකද කාගෙ කාගෙ කිල්ලෝටෙත් හුනු ටික ටික තියෙන නිසා! (ස)

:       0       0

ලුම්බිණි Sunday, 07 April 2013 01:35 PM

ඕනෑම කෙනෙක් දන්නවා සමුහ මිනී වලක් කියන්නේ අපරාධයක් සිදු වෙච්ච තැනක් කියල. ජනාධිපති කොමසමක් පත් කිරීම විතරක් මදි. ඒක අපක්ෂපාත එකක් වියයුතු අතර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කල යුතුයි. අතීතයේ මේවගේ පත් කල කොමිසන් වාර්තා වලට පමණක් සීමා උනා. බලමු මේ වතාවේ. (නදී)

:       0       0

මංජුලා Sunday, 07 April 2013 01:51 PM

මාතලේ මිනී වළට ජනපති කොමිසමක්. මෙය විහිළුවක්. තවත් නොවිසඳුණු අපරාධයක් පමණක් වේවි. තමන්ට බලපෑමක් වෙන දෙයක් යට ගැසීමට හොඳම ක්‍රමය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site