මාතලේ වරාපිටියේ බන්නැහැයක වලව්වේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඩෙන්සිල් ජයවර්ධන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (11) නියෝග කළේය.
එදිනට සැකකරුගේ ඩීඑන්ඒ වාර්තාවක් ඉදිරිපත්කරන්නැයි ද මහෙස්ත්‍රාත්වරයා විසින් රහස් පොලීසියට නියෝග කැරිණි.
හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු ගෙවල් බිඳුම් සහ සොරකම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇති බවට පොලීසිය අධිකරණයට දැන්වීය.
සොරකමේ ආ මොහු මව සමඟ නිදා සිටි තරුණිය අවදි විම නිසා කලබලවී ඇය මරණයට පත් කරන්නට ඇතැයි පොලීසිය පවසයි
මොහු හය මාසයකට පසු රහස් පොලිසියෙන් සඳුදා (10) අත්අඩංගුවට ගත්තේය.
මහේෂ් කීර්තිරත්න
ඡායාරූපය විරාජ් අබේසිරි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මාතලේ උපාධි අපේක්ෂිකාව මැරුවැයි රිමාන්ඩ්
අනුර Wednesday, 12 November 2014 03:02 AM
රහස් පොලිසියේ දක්ෂ නිලධාරීන් නිසා මොහු අසු වුණා. අනෙකුත් අයත් උත්සහ කළ නමුත් ගියේ දේපල අාරවුල් පසුපස නිසා මොහු බේරුනා රහස් පොලිසිය ප්‍රදේශයේ අපරාධකරුවන් දෙස ඇස යොමු කළනිසා රහස එලි වුණා. ගෙය තුළ සිටි කවරෙක් හෝ එනම් සාදයට පැමිණි කවරෙක් හෝ සහයෝගය තිබෙනවා දොර අගුලු හැර තිබීමෙන් (බ)
යූස්රි Tuesday, 11 November 2014 04:27 PM
මේ වගේ අපරාධකාරයින්ට නීතියෙන් දියහැකි උපරිම දඬුවම දෙන්න (නි)
දිනේෂ් Tuesday, 11 November 2014 08:47 AM
හෝකන්දර ඉදලා මේ හොරාව ගෙන්න ගත්තු අයව අල්ලන්නේ නැද්ද?(දිල්)
ධම්ම Tuesday, 11 November 2014 08:47 AM
සේසතම හොරකම් කරගෙන ගියත් කමක් නැහැ මරන්නේ නැතිව. අපරාදේ නේ මේ ජීවිතයක් විනාශ කලේ.(දිල්)
සෝමදාස Wednesday, 12 November 2014 04:31 AM
මෙතන මීට වඩා දෙයක් තියෙන හැඩයි. (දිල්)
සම්පත් Tuesday, 11 November 2014 09:28 AM
සමාජයෙන් මේ වගේ මිනිසුන්ව තුරන් කළ යුතුයි (දිල්)
පහන් Tuesday, 11 November 2014 10:14 AM
මේ මරණය ගැන යන කටකතා වලට යම් පසුබිමක් තියනවද ? අසුවුයේ නියම මිනිමරුවාද ? (ර)
පද්මිණී Tuesday, 11 November 2014 10:58 AM
හෝකන්දර සිට මාතලේ හොරකමට අාව කියන එකත් පුදුමයි. මෙතන මිට වඩා යමක් තියෙනවා. (බ)
තුෂාර ඩුබායි Tuesday, 11 November 2014 11:16 AM
මේ සිද්දියට මොකද උනේ කියලා ගොඩ දවසක් බලන්හිටියා මෙතන මුණ වහල තියෙන්නේ කාගේද ? (බ)
උමේෂ් Tuesday, 11 November 2014 11:21 AM
සම්පත් - ඔබ නිවැරදියි... එක්ක යන්න ඕන මොනවා හරි ආයුධයක් පෙන්නන්න....(බ)
රොකී Tuesday, 11 November 2014 11:55 AM
හරියටම හරි උමේෂ්. මමත් ඔයාගේ පැත්තේ? (ර)
සෙහාන් Tuesday, 11 November 2014 12:00 PM
මරන්න පාවිච්චි කරපු මිටිය හොයන්න එක්කන් යන්න අදම. (ස)
සුජීව Tuesday, 11 November 2014 06:55 PM
රටක් වටිනා ජීවිතයක් නේද මේ මනුස්සයා නැතිකළේ? (නි)
නාලක Wednesday, 12 November 2014 07:03 AM
මොහු නියම මිනීමරුවා නම් මොහුටත් ජීවත් වීමේ අයිතිය නැති කල යුතුයි. එහෙත් මේක වුනේ කොහොමද මෙහෙම කරන්න හේතුව මොකද්ද කියල මෙතන සිද්ද වෙලා තියෙන දේ නිවැරදිව සොයා බැලිය යුතුයි.සමහර විට අපි කවුරුත් නොසිතන විදියේ ක්‍රියා දාමයක් වෙලා තියෙන්නත් පුළුවන්. කොහොම නමුත් මොහු අපරාධය කරානම් මගේ දඬුවම පණ පිටින් තබා සිරුර ටිකෙන් ටික කොටස් කිරීම . මෙවැනි අපරාධ කරන්නුන්ට වෙඩි තැබීම , එල්ලා මැරීම , ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ගොඩක් සුව දායක වැඩී. (දිල්)
අනුපම Tuesday, 11 November 2014 11:12 PM
නිකන්ම කෙනෙක්ව මරන්නේ නැහැනේ. මම නම් කියන්නේ, මොකක්හරි හේතුවක් ඇති මෙහෙම මරන්න. (නි)
සෙත්මි Wednesday, 12 November 2014 12:45 AM
අනේ මෙයාවත් සොරකම් කළ බඩු පෙන්වන්න එක්කගෙන යන්න.මෙවන් තිරිසන් ගති ඇති අය මහ පොළවටද බරකි. පොලිසියට අපේ උත්තමාචාරය! (නි)
පද්මිණී Tuesday, 11 November 2014 02:41 PM
මෙයාවත් ආයුධ පෙන්නන එක්ක යන්න (බ)