IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෛත්‍රි හමුවු විද්වත්තු මුඛවාඩම් බැඳ ගනිති

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඇතැයි කියන තීරණය පිළිබඳව විමසීම සදහා ජනාධිපති සිරිසේන බලයට ගෙන ඒමට වෙහෙසුණු විද්වතුන් පිරිසක් හා ජනාධිපති අතර ඊයේ දින සුවිශේෂී සාකච්ඡාවක් පැවති බව වාර්තා විය. එම සාකච්ඡාවට සහභාගී වූ විද්වතෙකුගෙන් (මහාචාර්ය සරත් විජේසුරිය) ඒ පිළිබඳව විමසීමේදී එවැනි සාකච්ඡාවක් පැවති බව ඔහු තහවුරු කළේය. නමුත් එහිදී සාකච්ඡා වූ කරුණු හෙළි කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.



අදහස් (0)

මෛත්‍රි හමුවු විද්වත්තු මුඛවාඩම් බැඳ ගනිති

විරාජ් Friday, 10 July 2015 11:21 AM

පිවිතුරු යහපාල කියන කෙනා මාර සේවයක් කරන්නේ අනිත් පාර්ශවයට බලන් ගියාම , මහින්ද මහත්තයා ලංකර ගත්තු තවත් මෝඩ පාක්ෂිකයෙක් තමයි ඔහුත් ,අර ඡන්දෙකාලේ රට වටේ ගෙනිච්ච සිරිසේන ඩබිය කෙනෙක් තමයි මෙයත්. (ස)

:       0       0

සුගත් Friday, 10 July 2015 11:24 AM

විද්වතුන්ට බනින්නේ , විද්වත්තු කියන්නේ කවුද කියල හඳුනා ගන්න තරම් දැනුමක් අවබෝධයක් නැති , නිකම්ම නිකම් මැටි හිස් මානවයන් කොටසක්. මොකද මේ දේශපාලකයන් ඉබාගාතේ හැසිරෙන විදිහට මටනම් හිතා ගන්ඩ බෑ රටක් ඉතුරු වෙයිද කියල. අද දේශපාලකයා මහත් පීඩනයකට ලක්වෙලා තියෙන්නේ මොකද ඔවුන්ව හසුරුවන්නේ , කුඩු,අරක්කු,එතනෝල් ව්‍යාපාරිකයන්,පරිසර හා සමාජ විනාශ කරුවන් ඇතුළු මහා භයානක කණ්ඩායම් විසින් . (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 11:30 AM

මේ විදවතුන් කියන රටේ හතුරන්ව අපි පන්න‍ෙ දැමිය යුතයි ඒකට මහින්ද මහත්තයාගේ බලවත් ආණ්ඩුවක් පත් කළ යුතුයි නැත්නම් කොටි ඒවි.(හේ)

:       0       0

ජෙෆ්රි ගුණසේකර Friday, 10 July 2015 11:32 AM

අවසාන මොහොතේ නාම යෝජනා බාර දෙන විට මහින්ද රාජපක්ෂ කියන අපේක්ෂකයාගේ නාමය නාම ලේඛණ ලැයිස්තුවෙන් නොතිබෙන්න පුළුවන්.(හේ)

:       0       0

සිතුම් Friday, 10 July 2015 11:53 AM

බලමුකෝ අන්තිමට මොකද වෙන්නේ කියලා.(හේ)

:       0       0

ජෝර්ජ් Friday, 10 July 2015 12:07 PM

සිද්ධ වෙන්න යන දේ ගැන තවමත් සිතා ගත නොහැකියි.(හේ)

:       0       0

ජයමාන්න Friday, 10 July 2015 07:48 PM

මහින්ද මහත්තයා නැවත බලයට එනවට අකමැති කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

මහේෂි Friday, 10 July 2015 12:23 PM

පිවිතුරු යහපාල උගතුන්ට බයයි වගේ. (නි)

:       0       0

විජේතුංග Friday, 10 July 2015 01:00 PM

ඇයි දන්නෙ නැහැ කියන්න අකමැති? (නි)

:       0       0

කෝසල Friday, 10 July 2015 01:04 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මොහාන් Friday, 10 July 2015 06:54 AM

මහින්දගේ දේශපාලන නුවන සමග අලගු තබන්නටවත් තමාට නොහැකි බව සියලු දෙනාම ඔප්පු කර හමාර බව පෙනේ.(හේ)

:       0       0

නිශාන්ත Friday, 10 July 2015 07:01 AM

මොන දේ සාකච්ඡා කළත් වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Friday, 10 July 2015 01:22 PM

මේ අය මෙහෙම කරන්නේ මොකද? (නි)

:       0       0

නිලුපුලී Friday, 10 July 2015 01:25 PM

ඒවා නොකියන්න මොකක්හරි හේතුවක් ඇති (නි)

:       0       0

සුදත් Friday, 10 July 2015 07:10 AM

ලොකු උපක්‍රමයක් එළියට ඒවි .(ම)

:       0       0

ලකී Friday, 10 July 2015 01:25 PM

මොකක්දෝ මහා අමුතු දෙයක් 13 දාට කලින් සිදුවේවි කියා දැනෙනවා. මේ දිනවල පවතින සමහරුන්ගේ ගුප්ත නිශ්ශබ්දතාවයෙන් හැඟෙන්නේ එයයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 08:47 AM

පුදුමාකාර විද්වත්තු ටිකක් පුදුමාකාර කුණුහරුප තර්කයක්නේ ගේන්නේ..මහින්ද මහත්තය හංසයාගෙන් ඡන්දෙ ඉල්ලන්න නාමයෝජනා ගන්න ගියාද මෙයාල මේ මහින්ද මහත්තයව නවත්වන්න හදන්නේ.මහින්ද මහත්තය ජනාධිපතිවරනෙට ඉල්ලුවේ ශ්‍රී ලංකා එක ප්‍රමුඛ සන්ධානයෙන් ..එතුමා ඡන්දෙට එන්නෙත් ඒකෙන්..ඒක නතර කරන්න ඔහෙලා කවුද? අපි ලක්ෂ 59ක් ඡන්දෙ දුන්නේ සන්ධානයේ මතය ඔහෙලගෙ මතය කරන්න නෙමෙයි...(බ)

:       0       0

විජේදාස Friday, 10 July 2015 02:20 PM

එයාලට කියන්න දෙයක් නැතුව ඇති (නි)

:       0       0

ලාල් Friday, 10 July 2015 10:13 AM

කොහෙද මේ විද්වත්තු හිටියේ යුද්දේ දවස් වල? (ම)

:       0       0

ලංසා Friday, 10 July 2015 10:21 AM

මහින්ද කුඩු වලට කෙලින්ම සම්බන්ධයි කියල තව ඔප්පු කරන්න දෙයක් නැහැ. එහෙම සම්බන්දයක් නැත්නම්, තමන්ට කොටස හම්බ වෙන්නේ නැත්නම්, ජනපති කෙනෙක් වශයෙන් මොකටද කුඩු ලන්සව බේරගන්න ගෙදරටම හෙලිකොප්ටරයෙන් තකහනියේ ගිහින්, ලන්සගේ කරට අත දාගෙන (ජනපති කෙනෙකුට තරම් නොවන) පොලිසියේ නිලදරුවන්ට බැන එලවන්න ඉදිරිපත් වේද. ඒ මදිවට මෝඩ කමට ලොකුවට එක රූපවාහිනියෙන් ප්‍රචාරය කලා. (ස)

:       0       0

ජනක Friday, 10 July 2015 10:28 AM

මේ විද්වත්තු ගැන අනේද කියන්නේ. (ම)

:       0       0

සුනිල් Friday, 10 July 2015 11:03 AM

විද්වත්තුන් කියන පිරිස අතර ප්‍රංශයේ පැරිස් නුවර තානාපති කර්ය්‍යලයක හිටපු රියදුරකුත් හිටියා.මොහු පැරිසියේ රජ්‍යනොවන සංවිධාන මත යැපෙමින් මවු රටට විරුද්දව බොරු ප්‍රචරය කරපු පුද්ගලයෙක් වන අතර ඔහුගේ බිරිඳ තවම පැරිසියේ රජ්‍ය නොවන සංවිධාන මත යැපෙමින් ජිවත්වේ. (ස)

:       0       0

අනුර Friday, 10 July 2015 11:05 AM

කෙලින් කතා කරන්න බැරි නිවැරදි නමින් පෙනී හිටින්න බැරි පුද්ගලයන් ලියන මන්දබුද්දික කතා ගැන කලබලවෙන්න එපා.. (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 11:08 AM

ලන්සා මහත්තය කුඩු වලට සම්බන්ද කියල ඔප්පු කරන්න පුලුවන්ද ? (ස)

:       0       0

පියලාල් Friday, 10 July 2015 11:11 AM

මේක ජනපතිගේ ඡන්ද පොරොන්දු කඩ කිරීමක් නොවෙයිනේ.මහින්ද කැමැත්තෙන් දුන් පක්ෂයෙන් නැවත ඔහුට නාමයෝජනා දෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site