ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය ලබාදී ඇති බව මාධ්‍යවල පළවූවත් තවමත් ඒ පිළිබඳ නිල දැනුම්දීමක් ලැබී නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලේඛනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස තවමත් සඳහන්ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම බව කී කොමසාරිස්වරයා එහි ලේකම් ලෙස තවමත් සඳහන්ව ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම බවද සඳහන් කළේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතාම බවට තහවුරු කෙරෙන ලිපියක් මීට සති දෙකකට පමණ ඉහතදී තමාට ලැබුණු බව කී මහින්ද දේශප්‍රිය මහතා ඉන් පසු එම ධූරය මෛත්‍රීපාල සිරිසේ මහතාට ලැබුණු බව මාධ්‍යවල පළවී තිබෙනු දුටු බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෛත්‍රී ශ්‍රීලනිප සභාපති බව මැකෝ නොදනී
තිවංක Friday, 23 January 2015 06:44 PM
අනේ මැකෝ පවු දෙවියනේ! හැබැයි එයා 8 වෙනිදා කළ දේවල් ගැන නම් අපි ආඩම්බර වෙනවා (නි)
ජයා Thursday, 29 January 2015 05:04 AM
පිළිගත හැකි ලිඛිත කරුණු පදනම් කර කතා කරන එක තේරුම් නොගෙන නිළධාරීන්ට නිගරු කරන්නේ තණකොළ කන අයනේ.ඕව අපේ මැකෝ ගණන් ගන්නේ නැහැ.(දිල්)
චන්ද්‍ර වීරසිංහ Thursday, 29 January 2015 09:05 PM
ඔලුව දන්නේ නැහැ වලිගෙ මොකද කරන්නේ කියලා. අනේ මැකෝ මොකෝ මේ (නදී)
රොෂාන් Monday, 26 January 2015 03:10 AM
මේවා දේශපාලකයන්ට හොඳ පාඩම් (නි)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 28 January 2015 07:24 PM
මණ්ඩලේ කචල් කරගන්න නම් එපා (නි)