IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෛත්‍රී ලබන සතියේ තායිලන්තේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ තායිලන්ත සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවන බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

නොවැම්බර් 01 වනදා තායිලන්තය බැංකොක් නුවර බලා පිටත්වන ජනාධිපතිවරයා එහිදී එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ බලධාරින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගී වනු ඇත.



අදහස් (0)

මෛත්‍රී ලබන සතියේ තායිලන්තේ

කමල් Monday, 26 October 2015 10:47 AM

රට රටවල් සමග සහයෝගයෙන් ඉන්න එක ලංකාවේ අනාගතයට යහපතක් වේවි. (ර)

:       0       0

නිලන්ත Tuesday, 27 October 2015 01:05 AM

සුබ ගමන් මැතිතුමනි! (නි)

:       0       0

ඉන්දික Monday, 26 October 2015 11:14 AM

මහින්ද රට යනකොට වැරදියි. මෙයා යනකොට හොඳයි !!! (බ)

:       0       0

තිලංක Monday, 26 October 2015 11:27 AM

හැම රටක් සමගම මිත්‍රව සිටීම හොද දෙයක්. (ර)

:       0       0

අමල් Monday, 26 October 2015 11:30 AM

අපේ ජනපති තුමාට ජය වේවා.! (ර)

:       0       0

නුවර බණ්ඩා-බර්ලින් Monday, 26 October 2015 11:54 AM

මහින්ද මහත්තය යනකොට බුරුතු පිටින් ප්ලේන් එකක් පුරවාගෙන ගියා. ඒ වෙනුවෙන් මහජන මුදල් කාබාසිනියා කළා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා එහෙම නැහැ. මේ වගේ ජනහිතකාමී දේශපාලන නායකයෙක් මෑත ඉතිහාසයේ පහල වුනේ නැහැ. ඇමෙරිකා ගියෙත් සාමාන්‍ය ගුවන් යානයක. මානව හිතවාදී ජනාධිපති තුමන් ලංකාවටම ආශීර්වාදයක්. ලෝකෙටම ආදර්ශයක්. බුරුතු පිටින් ගිය අයට මේවා දකිනකොට හූල්ල හූල්ල ඉන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. (අ)

:       0       0

සුරංග Monday, 26 October 2015 12:01 PM

ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ජනපති තුමා දන්නවා. (ර)

:       0       0

උපාලි Tuesday, 27 October 2015 05:10 AM

අපේ ජනාධිපතිතුමා බුද්ධිමත් කෙනෙක් (නි)

:       0       0

සරත් Monday, 26 October 2015 12:40 PM

හොද සංචාරයක් වේවා.! (ර)

:       0       0

දිලුෂ Monday, 26 October 2015 12:37 PM

සුබ පැතුම්.! (ර)

:       0       0

රෝහණ Tuesday, 27 October 2015 06:15 AM

ප්‍රසන්න තවත් බන්දුල පෙරේරා කෙනෙක් හෝ පිවිතුරු කෙනෙක් නොවන්න. බලන්න වෙනස. ඉස්සර වියදම සහ දැන් වියදම වෙනසක් තියෙනවද නැද්ද කියලා බලන්න. (ර)

:       0       0

වසන්ත Monday, 26 October 2015 01:52 PM

සුබ ගමන්! (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Tuesday, 27 October 2015 05:27 PM

අන්තර්ජාතික සබදතා තරකර ගනිමින් ජනාධිපතිතුමා ඇතුළු අපේ මැති ඇමතිවරුන් විදේශ රටවල සංචාරය කිරීම උචිත උවත් දේශයේෙ වැදගත් ප්‍රශ්නවලට මුල් තැනදී පසුව විදේශ සංචාරවල යෙදෙන්නේ නම් හොඳයි.පාර්ලිමේන්තුවේ වැදගත් ප්‍රශ්න සාකච්චා කරන මෙම අවධියේ මන්ත්‍රීන් රැසක් විදේශ සංචාරවල යෙදී ඇත...(රේ).

:       0       0

මහේෂ් Monday, 26 October 2015 02:51 PM

තායිලන්තයට වීසා නැතුව යන්න ලෝකයේ ගොඩක් රටවලට පුළුවන්. එහෙත් ලංකාවේ අපිට බැහැ. ගරු ජනාධිපතිතුමනි, කරුණාකර අපේ පාස්පෝර්ට් එකට ලෝකයේ වටිනාකමක් එකතු කරන්න කටයුතු කරන්න (නි)

:       0       0

විජේසුන්දර Monday, 26 October 2015 02:58 PM

ඔබගේ කටයුතු සඵල වේවා! (නි)

:       0       0

ප්‍රසන්න Monday, 26 October 2015 04:22 PM

ජිනිව ගිහිල්ල හයිබ්‍රිඩ් ගෙනාව තායිලන්තෙන් මොනා ගෙනේවිද දන්නේ නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site