IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාතර රාහුල සිසුන් අඩු වියදමකින් මනාප සටහන් කළ හැකි ක්‍රමයක් හදලා

(ජේ. පී. ආරච්චිගේ)

අඩු විදමකින් ඕනෑම මැතිවරණය දී  මාර්ගගත ක්‍රමයට මනාප සටහන් කිරීමේ හැකියාව ඇති තොරතුරු පද්ධතියක් මාතර රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම හඳුණ්වා දුන්හ.

මතර රාහුල විද්‍යාලයේදී අද පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවණයේදී එය හඳන්වාදෙනු ලැබීය. වියදම් හා කාලය ඉතිරි කර  ගනිමින් මාර්ගගත ක්‍රමයට මනාප සටහන් කිරීමේ පද්ධතියක් භාවිත කරමින් ඡන්දය පැවැත්වීමේ හැකියාව මෙමගින් ඇත.

සිසුන් හා ගුරුභවතුන් 3000ට ආසන්න සංඛ්‍යාවක් මෙම ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කළ අතර එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පැය තුනහමාරක කාලයක් ගත වීම ද විශේෂත්වයකි.

විදුහල්පතිනී සමිත කුරුකුලසූරිය මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයීය වෙබ් කණ්ඩායම භාර ආචාර්‍යවරුන් වන ලලනිකා රංගොඩගේ, නුවන් රත්නායක, සජිත් චතුරංග මහත්ම මහත්මීන්ගේ මගපෙන්වීමෙන් මෙම අඟානා නිමණය සිදුකර ඇත්තේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක නදීජ කල්හාර ලියනාරච්චි විසිනි.

තම ලැප්ටොප් පරිගණකය භාවිතයෙන් පැය 04 ක් තුල මෙම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබීම තවත් විශේෂ අවස්ථාවකි.

 



අදහස් (3)

මාතර රාහුල සිසුන් අඩු වියදමකින් මනාප සටහන් කළ හැකි ක්‍රමයක් හදලා

J. A. K. T. Devika Thursday, 21 September 2023 10:06 PM

රටේ පවතින ආර්ථික ප්‍රශ්න එක්ක රාහුලයන් ඉදිරිපත් කළ මේ විසදුම රටට ආදර්ශයක් ජයවේවා!

:       1       5

සමන් කුමාර ගමගේ Thursday, 21 September 2023 10:26 PM

ඇත්තටම හරිම සතුටුයි. වසර කීපයකට පසු ව විද්‍යාලයේ දරුවන්ට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ක අත්දැකීම ලැබුණා එය අලුත් ආකාරයෙන් කර ගන්න ලැබීම එම මැතිවරණය අගය තවත් වැඩි කළා.. මාධ්‍ය ආවරණය ලබාදුන් ඔබ ආයතනයටත් සියලු දෙනාටමත් jayasiri පේදුරු ආරච්චි මා දිවි පියාටද විශේෂ ස්තුතිය පිරිනමමි. රහල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව භාර ආචාර්ය රාහුල විද්‍යාලය මාතර

:       0       4

Bunny Preena Friday, 22 September 2023 11:42 AM

සතුටුදායක පුවතක්.මහ මැතවරණ සඳහා භාවිතා කල හැකි යන්ත්‍රතා නිර්මාණය කරන්න.කණ්ඩායමට මගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site