IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම සිටිතී‘

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන කොළඹ ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට සෙනසුරාදා (20) ගිය සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැය දෙකක පමණ පිළිසඳරක යෙදී ඇතැයි වාර්තාවේ.

ඇමැති රාජිත සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාද එහි ගොස් ඇත.

බැසිල් රාජපක්ෂ මහතා එම රෝහලේ 7 වැනි මහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි. ඔවුන් සාකච්ඡා කළේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

 

 

 



අදහස් (0)

‘මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම සිටිතී‘

සුරන් Monday, 22 June 2015 08:32 AM

විසෙන් විස නැසෙනවා කීවට මේ දෙවිස එකතුවීමෙන් රට නැසේ (ම)

:       0       0

මෙල් Wednesday, 24 June 2015 12:48 AM

මාස තුනක් ගියාට පසුවද හදිසියේ යාළුවාට ලෙඩ බව මතක් වුණේ? මේකේ මොකක්ද හොර රහසක් තිබෙන පාටයි. (නි)

:       0       0

ලසන්ත Sunday, 21 June 2015 04:56 PM

එයාලා දුකසැප ගැන සාකච්ඡා කරන්න ඇති (නි)

:       0       0

දිනේෂ් Sunday, 21 June 2015 08:50 AM

තාත්තා ආවේ පුතාට බෙලිඅත්තේ නොමිනේෂන් ලැස්ති කරන්නද. (හේ)

:       0       0

ල.වරකාගොඩ Thursday, 25 June 2015 03:45 AM

ප්‍රවේශම් වෙන්න! පොලිටික්කන්ගෙන් ඈත්වෙලා ඉන්න (නි)

:       0       0

රංග Monday, 22 June 2015 12:50 AM

පෑල දොරෙන් ගෙදරට එන දස්කොන් ගැන දන්නේ කිව්වාලු! (නි)

:       0       0

දේශප්‍රිය Monday, 22 June 2015 11:08 AM

මහා පරිමාන වෘත්තිකයන් දෙදෙනක් තමන් වෘත්තියෙන් රැස්කරගත් දේවල් ගෙන සාකච්චා කරන්න ඇති. (ර)

:       0       0

ප්‍රනාන්දු Monday, 22 June 2015 09:00 PM

පරිස්සම් වෙමු! (නි)

:       0       0

නිමාෂා Tuesday, 23 June 2015 07:50 AM

අපා දෙපා සිවුපා කාටවුණත් "නියම මෛත්‍රීය" නම් අපලදායක වෙන්නේ නැහැ. (නි)

:       0       0

කිරි ගමරාල Monday, 22 June 2015 03:13 AM

අනේ මහතුනේ දේශපාලන පිටියේ සටන් බිමට එන්න ඉස්සෙල්ල බැසිල් රාජිත දෙන්න ආනන්ද විද්‍යාලේ සමකාලීනයෝනේ. එහෙව් එකේ දුක සැප බැලුවහම මොකද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 21 June 2015 11:55 AM

මේ ඔක්කොම ඩබල් ගේම් කාරයෝ බලන් ගියාම !(බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 24 June 2015 02:40 PM

මේ සමහරුන්ට නම් ඉතින් මොන ප්‍රතිපත්තිද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 22 June 2015 04:12 AM

ඔය දියවන්නා හෝටලේ අඩු මිල බත් කන මිනිස්සුන්ගේ හැටි තමයි, එකක් කියනවා, එකක් කරනවා. ඡන්ද දායකයින්ට ප්‍රතිපත්ති රකින්න කියා දෙනවා. ඡන්දෙ රැක ගන්න ඕනේ නිසා. කෝ මේ ගොල්ල ගාව ඔය කියන ප්‍රතිපත්ති.?(ම)

:       0       0

ප්‍රශීන් Tuesday, 23 June 2015 04:26 PM

කටින් කයිවාරු විතරයි. උසාවියට එන්න බයයි (නි)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 04:41 AM

සැමදා සුදු-කළු මිනිසුන් නැත (ම)

:       0       0

දිනේෂ් Monday, 22 June 2015 01:53 PM

වෙනස මාරයී. (ර)

:       0       0

විජිත Tuesday, 23 June 2015 03:26 AM

දෙන්නා මොනවා කතාකළාද දන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 22 June 2015 05:45 AM

බොහොම කීර්තිමත් ඉතිහාසයක් තමා තියෙන්නේ දෙන්නටම ..(ම)

:       0       0

සමන්ති Wednesday, 24 June 2015 07:14 PM

හේමන්ත,ලෙඩෙක් බලන්න යන්නත් ඔහුගේ දේශපාලන නින්‍යාය බලන්න ඕනෑද? (නි)

:       0       0

පුලාරා Monday, 22 June 2015 06:04 AM

නැව ගිලෙනකොට ඉස්සරවෙලාම පනින්නේ මීයෝලු. දැන් ඔක්කොම පැනල ඉවරයි.කපිතානුත් පනින්න වගේ යන්නේ. (ස)

:       0       0

දහම් Sunday, 21 June 2015 03:18 PM

මුන් දෙන්නටම ලබන ඡන්දෙන් නෝ චාන්ස්.(බ)

:       0       0

සම්පත් වන්නිආරච්චි Monday, 22 June 2015 02:29 PM

මේ දෙන්නම පක්ෂ මාරු කරපු අය. (ර)

:       0       0

වෙල්ගම Tuesday, 23 June 2015 04:24 AM

ටෝයියෝ බයියෝ වෙලා දෙපැත්ත බෙදිලා මරා ගන්න හදන සිංහලයාට හොද වැඩේ. පේනවා නේද සාමාන්‍ය මිනිස්සු මරා ගනිද්දී හැමදාමත් පැතී මාරු කර කර රජ වෙනවා..(ම)

:       0       0

හේමන්ත Tuesday, 23 June 2015 10:46 AM

මම බැසිල් නම්, රාජිතගේ මුණ බලන්න තියා වාට්ටුවට එන්නවත් එපා කියනවා. තමන්ගේ සහෝදරයාට, රාජපක්ෂ පරම්පරාවට මොන තරම් අපහාස උපහාස කළ කෙනෙක් එක්ක මොන ගනුදෙනුවක් ද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site