IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මෛත්‍රී තුන්මාසෙන් දෙනවැයි කී රතුපස්වල විසඳම් තවම නෑ‘

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රතුපස්වලට ගොස් තමා ජනපති වී තුන් මාසයෙන් එම ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වී වසරක් සපිරුණත් තවම කිසිවක් කර නැතැයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ගම්වාසීහු කියති.

2014 දෙසැම්බර 25 වැනි දා තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ පංසලට පැමිණි සිරිසේන මහතා රතුපස්වල ප්‍රශ්න වලට රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිවක් නොකළ බව කීවේය.

සිවිල් සංවිධාන සහ ගම්වැසියන් කියනුයේ රතුපස්වල ගැටළු තවමත් පරණ තත්ත්වයේ බවයි. වෙඩි තැබූවන් නිදැල්ලේ සිටිය දී වෙඩි කෑ පිරිසට නඩු දමා ඇතැයි ද, වතුර ප්‍රශ්නයට ද තවම විසඳුම් නැතැයි ද ඔවුහු පවසති.



අදහස් (0)

‘මෛත්‍රී තුන්මාසෙන් දෙනවැයි කී රතුපස්වල විසඳම් තවම නෑ‘

සුනිල් Saturday, 26 December 2015 12:48 PM

තව අවුරුදු 4 ක් ඉවසන්න (නි)

:       0       0

ලංකාප්‍රිය Saturday, 26 December 2015 03:00 PM

ප්‍රශ්න කියලා කීයක් විසඳන්නද? ඒ නිසා ටිකක් පහුවෙනවා (නි)

:       0       0

සේනක Saturday, 26 December 2015 03:20 PM

පහු පහුවෙනකොට කොහු කොහුවෙනවා කියලා කතාවක් තියනවා කියලා අහලා තියනවා. (නි)

:       0       0

අමා Saturday, 26 December 2015 03:39 PM

මේකනේ. තුන්මාසය අවසන් නිසා වගකීමත් අවසන්‍. කතාවත් අවලංගුයි (නි)

:       0       0

සේනක Saturday, 26 December 2015 05:34 PM

අයියෝ මොකද මේ සද්දේ දාන්නේ, කරුණාකරලා පොඩ්ඩක් ඉන්න. යහපාලනය දෙමුහුන් වෙලා සක්ක්‍රිය වෙන්න කල් යනවා කියල දන්නේ නැද්ද? (ස)

:       0       0

ස්ටැන්ලි Sunday, 27 December 2015 05:22 AM

තාම තුන් මාසයක් ගියාද.? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 27 December 2015 07:41 AM

ඕවා ඕනවට වඩා හිතන්න එපා. ඡන්දෙ ගන්න එන දවස්වලට මොනවා කියනවද කියලා එතුමන්ලවත් දන්නේ නැහැ. (ර)

:       0       0

ඇසළ Saturday, 26 December 2015 02:59 AM

තුන් මාසෙන් දෙනවා කිවුවා නම් මෙලහකට දීලා. වැරදීමක්ද කොහෙද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

දිල්ෂාන් Sunday, 27 December 2015 07:57 AM

ලලිත්, බොන්න වතුර නැති එක, මහා පොලවේ වතුර විස වෙන එක දැවෙන ප්‍රශ්නයක් නෙමෙයිද? බොන්න වතුර ටිකක් නැති මිනිහෙකුට තියෙන වෙන දැවෙන ප්‍රශ්න මොනවාද? (ර)

:       0       0

විපුල Sunday, 27 December 2015 08:04 AM

බිවුවම කියන දේවලුයි, ඡන්දෙට කලින් කියන දේවලුයි ගැන වැඩිය හිතන්න එපා. (ර)

:       0       0

ලලිත් Saturday, 26 December 2015 03:21 AM

දැන් මේගොල්ලෝ කියන්නේ රටේ කෝටි ගණනක් ජනතාවගේ දැවෙන අත්‍යවශ්‍ය ප්‍රශ්න වලට විසඳුම් හොයන එක පැත්තක තියලා මුලින්ම රතුපස්වල කට්ටියට විසඳුම් දෙන්න කියලද? (නි)

:       0       0

යසපාල Saturday, 26 December 2015 03:28 AM

බලය ගන්න හැමෝම කියන්න පුළුවන් හැමදේම කියනවා (නි)

:       0       0

යසපාල Saturday, 26 December 2015 03:32 AM

කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි (නි)

:       0       0

අරුණ Saturday, 26 December 2015 03:52 AM

අනේ ඕවා දැන් අහන්න එපා. (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 26 December 2015 04:08 AM

මෙවැනි සිද්ධියක් උතුරේ වුණා නම් රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රබල රටවල් වලින් බලපෑම් එතැයි සිතා හෝ ඉක්මනින් විසඳනවා (නි)

:       0       0

නජීව Sunday, 27 December 2015 09:00 AM

අපෝ ලංකාවේ ඔයිට වඩා විසඳන්න කොයි තරම් ප්‍රශ්න තියනවද? පොඩ්ඩක් තිබහ ඉවසගෙන ඉන්න මේ ප්‍රශ්න ඉවරවෙනකල්. (ර)

:       0       0

දිමුතු Sunday, 27 December 2015 09:12 AM

මෛත්‍රී මහත්තයෝ කිරි කලයට ගොම එකතු නොකර මේ ප්‍රශ්නය ඉක්මනින් විසදන්න. අපිට ඔබතුමා ගැන විශ්වාසයි. (ර)

:       0       0

සිල්වි Sunday, 27 December 2015 09:21 PM

වතුර වගේද දැන් තියන ප්‍රශ්න? දැන් රටේ දැවෙන ප්‍රශ්නය තන පට ප්‍රශ්නය . (ස)

:       0       0

සෙන්සා Saturday, 26 December 2015 07:44 AM

ඉවසලා ඉන්න. (ස)

:       0       0

රිචි බාලසුරිය Sunday, 27 December 2015 09:44 AM

ඡන්දයට පෙර දුන් පොරොන්දු ගැන විස්වාස තබන්නට එපා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site