IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාතර ඡන්ද පෙට්ටියට රෙක්ස් රැකවරණ

ජනපතිවරණයේ නිල ඡන්ද පෙට්ටි ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම දැඩි පොලිස් ආරක්ෂාව යටතේ හෙට (7) සිදු කිරීමට නියමිතය.

මාතර දිස්ත්‍රික්කයේ හිස් ඡන්ද පෙට්ටි ගබඩා කර ඇති ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානය පොලිස් නිල සුනඛයින්ගේද සහාය ඇතිව අද (6) පරීක්ෂාවට ලක් කෙරිණි.

පොලිස් නිල සුනඛ රෙක්ස් සුජාතා බාලිකාවේ හිස් ඡන්ද පෙට්ටි පරීක්ෂාවට ලක් කළේය.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද විමසීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඡන්ද පෙට්ටි නිකුත් කිරීම 07 වන දා උදෑසන 7-00 සිට බදුල්ල මධ්‍ය මහ විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි විද්‍යාලය සහ බදුල්ල කච්ඡේරි සංකීර්ණය යන ස්ථාන වලදී සිදුකරන බව බදුල්ල දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතා පැවසීය.

ඡන්ද ගණන් කිරීම බදුල්ල කච්ඡේරිය, බදුල්ල මධ්‍යම මහ විද්‍යාලයේ සහ බදුල්ල විහාරමහාදේවි විද්‍යාලයේ ස්ථාපිත කරන ගණන් කිරීමේ මධ්‍යස්ථාන 46 ක දීත් තැපැල් ඡන්ද ගණන් කිරීම බදුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ මධ්‍යස්ථාන 18 ක දීත්  සිදු කිරීමට කටයුතු කරන බව  බදුල්ල දිස්ත‍්‍රීක් සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය සදහා පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම ,ආනමඩුව,වෙන්නප්පුව,හලාවත.නාත්තන්ඩිය යන ආසන පහ තුළ ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසු කම් ලැබූ  ඡන්ද දායකයින් 5.53009ක් මධ්‍යස්ථාන 387ක දී ඡන්දය භාවිතා කිරීමට නියමිත බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කර්‍යාලයේ මාධ්‍ය අංශය කියයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගනන් කිරීමේ මධ්‍යස්ථාන 46 කදී ගණන් කිරීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු පුත්තලම දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී එම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් සිදුකෙරේ.

ඡන්ද විමසීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන 288 ක් පිහිටුවා ඇතැයි දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී නිමල් අබේසිරි මහතා කියයි.

SAM_3877 SAM_3878 SAM_3883 SAM_3888 SAM_3890

ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්

බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා

GA

ඡායාරූපය - පාලිත ආරියවංශ

   

Karu-Election-Pix-01 Karu-Election-Pix-03

ඡායාරූප - ක.ග.කරුණාරත්න



අදහස් (0)

මාතර ඡන්ද පෙට්ටියට රෙක්ස් රැකවරණ

සුසන්ත Tuesday, 06 January 2015 12:41 PM

කොහොමහරි ඡන්ද ප්‍රතිඵලය සාධාරණයට දුන්නොත් ඒකම ඇති සුරේෂ්ට රාජ්‍ය සේවකයෙක් වෙන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site