මාතර කිරල කැලේ හා මුතුරාජවෙල කිඹුල් උද්‍යාන දෙකෙන් එකක් මේ වසර අවසන් වීමට පෙර ඉදිකරන බවත් මාතර ගඟේ කිඹුලන් ඇල්ලීම සඳහා කූඩු සපයා දී ගඟ අවට වැසියනට ආරක්ෂා සහිතව නෑම සඳහා කිඹුල් කොටු තිහක් තනා දෙන බවත් වනජිවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා මාතර මාලිම්බඩ දී පැවැසීය. කිඹුලකුට අසුවී පසුගිය හතර වැනි දා මියගිය නුවන්තිකා සත්සරණී දැරියගේ මාපියන් හමුවීමට ගිය ඇමැති ඔවුනට රුපියල් තුන් ලක්ෂයක් පිරි නැමීය. රජයේ ඉඩමක ගෙයක් තනාදීමට ද ඇමැති ඉදිරිපත් විය. කිඹුලකුට බිලිවූ තවත් කතකගේ යැපෙන්නවුන්ට ආධාර උපකාර කිරීමට ද ඇමැති ගියේය. මාලිම්බඩින් ඇල්ලු කිඹුලා දෙහිවල සතුන්වත්තට බාර නොගත් හෙයින් යාලට මුදාහළ බව ද ඇමැති කීවේය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර කිඹුලා යාලට