(අජිත් ලංකා තිලක)
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධයක් නිෂ්පාදනය කර නොමිලේ ලබා දීමට මාතර කොටපොල , වරල්ල දිසානායක රජයේ ආයුවේද රෝහල කටයුතු කරන බව රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී කේ.එම්.ප්‍රියන්ත මහතා පවසයි.
රට තුළ පවත්නා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට සිදුකළ හැක්කේ කුමක්ද යන්න දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සිරිල් ගුරුගේ මහතා සමග සාකච්ඡා කර ඔහුගේ උපදෙස් මත මෙම තීන්දුව ගෙන තිබේ.
මෙම වැඩසටහන පසුගිය සෙනසුරාදා සිට ජනතාවට වරල්ල දිසානායක රජයේ ආයුවේද රෝහලේදී ක්‍රියාත්මක කළ බවත්, මෙම ඖෂධය ලබා ගැනීමට විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙන බවත් රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී වරයා වැඩිදුටත් අප සමග පැවසීය.
රෝහල තුළ දීම නිෂ්පාදනය කරන මේ ඖෂධය දින පහක් පාවිචි කිරීමට ලබා දෙන අතර, ඉන් පසු එළඹෙන දින හතෙහි උදේ සහ සවස ඉගුරු ගෑම් පහක්, බදින ලද කොත්මල්ලි ග්‍රෑම් 15ක්, වෙනිවැල්ගැට ග්‍රෑම් 10ක්, සුදු ළුනු බිකි දෙකක්, තම්බාගත් ජලය මිලි ලිටර් 150 කට අඩු කෝප්ප එකක් ලෙසට දිනපතා පානය කළයුතු අතර, ඉන් පසු එළඹෙන දින හතෙහි උදේ සහ සවස ඉගුරු, බදින ලද කොත්තමල්ලි තම්බා රෝහලෙන් ලබාදෙන කල්කය සමග පානය කිරීමෙන් මෙම සති තුනක කාලයේ සිරුරේ වෛරස් රෝග ප්‍රතිශක්තිය නැංවීම අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රතිශක්තිය වර්ධනය වන ඖෂධය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන ද්‍රව්‍ය වලින් දේවදාර, වද කහ, කොත්තමල්ලි, කළාදුරු අල, ඉගුරු, බිම් කොහොඹ (කිරාත) , සුදු ළුනු ආදියෙහි හිගතාවයක් පවතින බවත් එම ද්‍රව්‍ය රෝහලට සැපයීමට හැකි අයට 0412271302 අංකයෙන් තමන්ව සම්බන්ධකර ගනිමින් මේ ජාතික කර්ත්‍යව්‍යයට සහයෝගය දක්වන මෙන් රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරී වරයා ඉල්ලා සිටී.
දිවා සහ රාත්‍රී සේවාවක් ලෙසට සිදුකරන මෙම සත්කාරය තුළින් , පසුගිය 15 වන දින වන විට ප්‍රතිශක්තීකරණ ඖෂධය පවුල් 3,717කට අයත් පුද්ගලයින් 25,070 ක් අතරේ ඖෂධ ලීටර් 752 ක් බෙදාහැර තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාතර ආයුර්වේද රෝහලකින් ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඖෂධයක්
පිටිගල මිලානෝ Tuesday, 17 March 2020 09:04 AM
කොරෝනා වයිරසයට කියා කිසිදු පර්යේෂණාත්මක සාධක නොමැති බෙහෙත් කියා ගන්නා දේවල් වලින් කවුරුත් නොමඟ නොයන්න. ඇඟේ පතේ රුදාවට මේවා බොන්න නමුත් රෝගයෙන් වැළකී සිටින්න නම් අත පය සබන් යොදා නිතර සෝදා අනෙකාගෙන් ඈත්ව සිටින්න.
Harith Gunasekara (Ayurv.Specialist) Tuesday, 17 March 2020 09:22 AM
මේකට තිප්පිල්ලි එකකතු කරාම ගුණය ඉක්ක්මන් වෙන්නවා.
prasanna Tuesday, 17 March 2020 10:21 AM
මෙය බොහෝ වටිනා සේවයක් අපේ රටට..