IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මෛත්‍රීත් මහින්ද වගේමයි‘

බ්‍රිතාන්‍ය නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පළ කරමින් ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලය ඉදිරිපිටදී කොටි හිතවාදීහු පිරිසක් උද්ඝෝෂණ පවත්වා ඇතැයි තානාපති කාර්යාල ආරංචි කියයි.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදය සංවිධානය කළැයි කියන උද්ඝෝෂණයට ලන්ඩනයේ දෙමළ තරුණ තරුණියන් රැසක්ද සහභාගීවී ඇතැයි කියති. රාජපක්ෂ රජය මෙන්ම වත්මන් රජයද දෙමළ ජනයාට සහන සලසා දී නැතැයි කියමින් ඔවුහු උද්ඝෝෂණය කර ඇත.

මේ අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ හෙට (11) හමුවීමට නියමිතය.

ජනපති බිරිය, විදේශ ඇමැති මංගල සමරවීර, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා හා ජනපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක ක්‍රිස් නෝනිස් යන පිරිසද බකිම්හැම් මාළිගයේදී රැජිණ හමුවීමේ අවස්ථාවට එක්වෙති.



අදහස් (0)

‘මෛත්‍රීත් මහින්ද වගේමයි‘

විජයබාහු Tuesday, 10 March 2015 12:34 PM

මේක නම් රැවටිල්ලක් විතරයි කියලා හිතෙන්නේ (දිල්)

:       0       0

අරවින්ද Tuesday, 10 March 2015 02:09 PM

නිකන් තේරුමත් නැති වැඩ මේවා (නි)

:       0       0

වැකෝ Tuesday, 10 March 2015 03:50 PM

කොපමණ කලත් වැඩක් නැහැ. මේ රට දස දිසාවම එක විදියට පාලනය කරන්න. හැම විදේශිය රටක්ම ලක්රජයට බලකරනවා මිස. හැම වගකීමක්ම අපේ හිසමත පමණි. (ර)

:       0       0

ගයාන් Tuesday, 10 March 2015 05:22 PM

එංගලන්තයේ තව වැඩි කාලයක් ඉන්න වීසා හදාගන්න වගෙයි කට්ටියගේ කල්පනාව (නි)

:       0       0

නන්දලාල් Tuesday, 10 March 2015 06:47 PM

ඔය සමහරුන්ට නම් ඉතින් කීයක්හරි සාක්කුවේ දැම්මහම, ඕනෑම විරෝධතාවකට ගෙන්වා ගන්න පුළුවන්නේ. (නි)

:       0       0

ගමගේ Tuesday, 10 March 2015 07:34 PM

මේ අය මෙවැනි උද්ඝෝෂණ කරන්නේ අරමුදල් රැස්කරගැනීමට මිස, ප්‍රශ්න විසඳා ගැනීමට නොවෙයි (නි)

:       0       0

හේවාවසම් Tuesday, 10 March 2015 08:14 PM

මේ කොටි හිතවාදීන්ටත් පිස්සුද මන්දා? (නි)

:       0       0

සුමුදු Tuesday, 10 March 2015 08:16 PM

අනේ! අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇයි මෙහෙම කියන්නේ? (නි)

:       0       0

සුමුදු Tuesday, 10 March 2015 08:19 PM

අනේ! මේවා ඇහුවහම ලේ කෝපවෙනවා. (නි)

:       0       0

කළණි Tuesday, 10 March 2015 09:15 PM

මොකට උද්ඝෝෂණ කරනවද කොටි? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 11 March 2015 12:33 AM

අපේ රටේ හැමදෙයක්ම ලබාගෙන දැන් ඒ රටේ ඉඳගෙන අපේ රටට දොස් කියනවා. (නි)

:       0       0

රෝයි Wednesday, 11 March 2015 01:15 AM

ඔතන ඉන්න බ්‍රිතාන්‍ය පුරවැසියෝ කියන විදිහට ලංකාවේ වැඩ කරන්නේ නැහැ. අවශ්‍යත් නැහැ. (නි)

:       0       0

ඒකනායක Wednesday, 11 March 2015 01:20 AM

ඒත් මට නම් මහින්දට සමකරන්න වෙන කවුරුත් නැහැ (නි)

:       0       0

ජොහාන් Wednesday, 11 March 2015 02:54 AM

ඇයි අර එක මහත්තයෙක් කිව්වේ ඩයස්පෝරාව කියලා සංවිධානයක් නැහැ කියලා? නේද? එතකොට මේ ඉන්නේ කවුද? (නි)

:       0       0

වීර Wednesday, 11 March 2015 05:50 AM

උද්ගොෂකයන් ගේ ඇස පෙනීම දුර්වලයි. (ර)

:       0       0

ප්‍රකාශ් Wednesday, 11 March 2015 10:08 AM

මේ දෙදෙනා දෙවිදියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site