පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 152ට වඩා ලබා පාසලක් නොලැබූ සිසුන් වෙනුවෙන් මාතර රස්සන්දෙනිය මහින්ද රාජපක්ෂ ජාතික පාසල ලබන 17 වන දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සිංහල හා ඉංග්‍රීසි පන්ති දෙක බැගින් ආරම්භයේදී පැවැත්වීමට නියමිතය. හෝමාගම ද මෙවැනි පාසලක් මීට පෙර විවෘත විය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පාසල විවෘත කිරීමට සැලසුම් කර ඇත.
යුනිසෙෆ් ආධාර යටතේ ගොඩනැගිලි පහකින් සමන්විත මෙම පාසල රුපියල් කෝටි 25ක් වියදමින් ඉදිකෙරුණේ මාතර වෙරල පාරේ පිහිටි මහාමායා බාලිකා විද්‍යාලය එහි ස්ථාපිත කිරීම සඳහාය. මහාමායාව 2004 සුනාමියේදී හානියට පත්විය.
2009 වර්ෂය වන විට එහි ඉදිකිරීම් අවසන් වුවද, මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඔවුන්ගේ දෙමාපියන් හා ආදි ශිෂ්‍යාවන් නව පාසල වෙත ඒමට අකමැති විය. දැනට තිඛෙන ස්ථානයෙන් පාසල ඉවත් කරනවාට ඔවුහු දැඩි ලෙස විරෝධය පෑහ.
මහාමායා බාලිකා විද්‍යාලය ලෙස විශාල නාමපුවරුවක් සහිතව රස්සන්දෙනියේ ඉදිකළ නව පාසල මේ නිසා වසර හතරක් තිස්සේ වසා දමා තිබු‚. එම ප්‍රදේශය වල්බිහි වන්නට විය.
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මැදිහත් වී නව පාසල ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේය.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතරට සුපිරි පාසලක්
නිමල් Monday, 04 February 2013 09:11 PM
තව තවත් අවශ්‍යයි ඒ වගේ වැඩ (දී)
නිමල් Monday, 04 February 2013 09:11 PM
තවත් සිර ගෙයක් වැහෙයි (දී)
පේෂලා Monday, 04 February 2013 03:34 PM
"යුනිසෙෆ් ආධාර යටතේ" එහෙනම් මොකද දන්නෙ නෑ එයාගෙ නම දාගත්තේ.(නදී)
සංජිව Monday, 04 February 2013 09:49 PM
ඒක කියන්න බැරි තරම් හොද වැඩක් (දී)
හේමසිරි Monday, 04 February 2013 03:58 PM
පේෂලා. කාගේ නමක් දැම්මම මොකද?මම ඔයාගේ නම යෝජනා කරන්නද.(නදී)
ඉසුරන්දි Monday, 04 February 2013 10:27 PM
ඇයි ? අනිත් පැත්ත උතුරු පලාතනේ. ඔය පලාත් දෙක තමයි දැනට ලංකාවේ දියුණු.(නදී)
උපුලි Monday, 04 February 2013 04:40 PM
තව තවත් පාසල් ඇති කරන්න (දී)
යොහාන් Monday, 04 February 2013 05:06 PM
එයාගේ නම දාන්නේ නැතුව කාගේ නම දාන්නද? අපි අද 65 වෙනි නිදහස සැමරුවා. ඒක කරගන්න පුළුවන් වුනෙත් එතුමා නිසා.(නදී)
බන්ඩා Monday, 04 February 2013 05:27 PM
දැන් හදන කෝකටත් දාන නම මේක නේද?(නදී)
කින් බෙනට් Monday, 04 February 2013 06:01 PM
යුනිසෙෆ් ආධාර යටතේ පාසල ඉදිකළාට පාසලේ නමට නම් මගේ කැමැත්තක් නැහැ. (නි)
ලලිත් කටාර් Monday, 04 February 2013 06:29 PM
නම ගැන රංඩු වෙන්න එපා යාළුවනේ. මේක පාසැලක්නේ. දේශප්‍රේමය කරන කවුරුත් ඔහොම තමයි.(නදී)
නිත්‍යා Tuesday, 05 February 2013 01:13 PM
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත් හොඳ තීරණයක් (ස)
රාණී Monday, 04 February 2013 07:13 PM
ඒකත් දකුනටද?(නදී)
සේන Monday, 04 February 2013 07:13 PM
මේ දිවයිනේ දකුනු පලාත නැතුව වෙනත් පලාතක් නැද්ද.(නදී)
සුමති Tuesday, 05 February 2013 07:36 AM
එහෙම කියන්න එපා. දකුණ නැත්නම් මොනවද කරන්න පුලුවන්? (නි)